දෙවියන්වහන්ස, නිශ්ශබ්දනූව මැනව; දෙවියන්වහන්ස, කථා නොකර නොසිටිය මැනව, නිශ්චලනූව මැනව.
විනිශ්චයකාරයෝ 8:21 - Sinhala Revised Old Version එවිට සෙබාද ශල්මුන්නාද කථාකොට: නුඹම නැගිට අප මරන්න, මක්නිසාද මනුෂ්‍යයාගේ ප්‍රමාණය යම්සේද ඔහුගේ ශක්තියත් එසේමයයි කීවෝය. ගිඩියොන් නැගිට සෙබාද ශල්මුන්නාද මරා ඔවුන්ගේ ඔටුවන්ගේ කරේ තිබුණු නව සඳාකාර ආභරණ ගත්තේය. Sinhala New Revised Version එවිට ශෙබා ද ශල්මුන්නා ද කතා කොට, “ඔබ ම නැඟිට අප මරන්න. මන්ද, ලොකු මිනිසෙකු කළ යුතු දේ ලොකු මිනිසෙකු ම කළ යුතු ය”යි කීවෝ ය. ගිඩියොන් නැඟිට ශෙබා ද ශල්මුන්නා ද මරා, ඔවුන්ගේ ඔටුවන්ගේ කරේ තිබුණ අඩ සඳාකාර ආභරණ ගත්තේ ය. Sinhala New Revised Version 2018 එවිට ශෙබා ද ශල්මුන්නා ද කතා කොට, “ඔබ ම නැඟිට අප මරන්න. මන්ද, ලොකු මිනිසෙකු කළ යුතු දේ ලොකු මිනිසෙකු ම කළ යුතු ය”යි කීවෝ ය. ගිඩියොන් නැඟිට ශෙබා ද ශල්මුන්නා ද මරා, ඔවුන්ගේ ඔටුවන්ගේ කරේ තිබුණ අඩ සඳාකාර ආභරණ ගත්තේ ය. |
දෙවියන්වහන්ස, නිශ්ශබ්දනූව මැනව; දෙවියන්වහන්ස, කථා නොකර නොසිටිය මැනව, නිශ්චලනූව මැනව.
ඔවුන්ගේ උත්තමයන් ඔරෙබ් සහ ශීබ් මෙන්ද ඔවුන්ගේ අධිපතීන් සියල්ලන් සෙබා සහ ශල්මුන්නා මෙන්ද කළ මැනව.
ඉන්පසු යෝෂුවා ඔවුන්ට පහරදී මරා, ගස් පහක එල්ලුවේය. ඔවුන් සවස දක්වා ගස්වල එල්ලා තබා තිබුණේය.
ඒ දවස්වලදී මනුෂ්‍යයෝ මරණය සොයන්නෝය, නුමුත් කිසිසේත් එය සම්බනොවන්නේය; මැරෙන්ට ආශාවන්නෝය, එහෙත් මරණය ඔවුන් කෙරෙන් පලායන්නේය.
ඔව්හුද: නුඹ බැඳ පිලිස්තිවරුන් අතට පාවාදෙන පිණිස අපි ආවෙමුයයි ඔහුට කීවෝය. සම්සොන්ද: නුඹලාම මට පහර නොදෙන හැටියට දිවුරුම් දෙන්නැයි ඔවුන්ට කීවේය.
ඔහු තමාගේ කුලුඳුලාවූ යෙතෙර්ට: නැගිට ඔවුන් මරන්නැයි කීය. නුමුත් ඒ තරුණයා භයව කඩුව නොඇද සිටියේය, මක්නිසාද ඔහු ඒතාක් තරුණයෙක්ව සිටියේය.
එකල ඉශ්‍රායෙල් මනුෂ්‍යයෝ ගිඩියොන්ට කථාකොට: නුඹද නුඹේ පුත්‍රයාද නුඹේ පුත්‍රයාගේ පුත්‍රයාද අප කෙරෙහි ආණ්ඩුකරන්ට ඕනෑය. මක්නිසාද නුඹ මිදියන්වරුන්ගේ අතින් අප ගළවාගත්තෙහියයි කීවෝය.
මිදියන්හි රජුන් පැළඳ සිටිය නව සඳාකාර ආභරණද කර්ණාභරණද රත්නිල් වස්ත්‍රද ඔවුන්ගේ ඔටුවන්ගේ කර වට තිබුණු මාලද ඇර ඔහු ඉල්ලාගත් රන් කුණ්ඩලාභරණවල බර රන් ෂෙකෙල් එක්දාස් හත්සියයක්ය.
ඔහු තමාගේ ආයුධ ගෙනයන තරුණයා ඉක්මනට කැඳවා: ස්ත්‍රියෙක් ඔහු මැරුවායයි මිනිසුන් මා ගැන නොකියන පිණිස නුඹේ කඩුව ඇද මා මරන්නැයි කීය. තරුණයා ඔහුට ඇන්නේය, ඔහු මළේය.
සටන සාවුල්ට විරුද්ධව බලවත් විය, දුනුවායෝ ඔහුට ළංවූහ; ඔහු දුනුවායන් නිසා තද අමාරුවට පත්විය.
සාවුල් මැරුණු බව ඔහුගේ ආයුධ ගෙනයන්නා දුටු විට ඔහුද තමාගේ කඩුව පිට වැටී ඔහු සමඟ මළේය.