විනිශ්චයකාරයෝ 7:6 - Sinhala Revised Old Version තමුන්ගේ අත කටට තබා ලෙවකා බීවාවූ මිනිසුන්ගේ ගණන තුන්සියයක්ය. සෙනඟගෙන් අනික් සියල්ලෝ වතුර බොන පිණිස දණගැසුවෝය. Sinhala New Revised Version තමන්ගේ අතට වතුර ගෙන ලෙවකා බිව් අය තුන්සියයක් වූ හ; සෙසු සියල්ලෝ වතුර බොන පිණිස දණ ගැසුවෝ ය. Sinhala New Revised Version 2018 තමන්ගේ අතට වතුර ගෙන ලෙවකා බිව් අය තුන්සියයක් වූ හ; සෙසු සියල්ලෝ වතුර බොන පිණිස දණ ගැසුවෝ ය. |
මනුෂ්‍යයෙකුගේ සියලුම මාර්ග තමාගේම ඇසට පිරිසිදුව පෙනේ; එහෙත් ස්වාමීන්වහන්සේ ආත්ම කිරා බලනසේක.
ඔහු වතුර ළඟට සෙනඟ ගෙනායේය. ස්වාමීන්වහන්සේ ගිඩියොන්ට කථාකොට කියනසේක්: බල්ලා ලෙවකා බොන්නාක් මෙන් තමුන්ගේ දිවෙන් ලෙවකා වතුර බොන හැමදෙනා වෙනමද බොන්නට දණගසන හැමදෙනා වෙනමද සිටවන්නැයි ගිඩියොන්ට කීසේක.
ස්වාමීන්වහන්සේද: ලෙවකා බීවාවූ මිනිසුන් තුන්සියය ලවා නුඹලා ගළවා මිදියන්වරුන් නුඹ අතට පාවාදෙන්නෙමි. අනික් සියල්ලෝ තම තමුන්ගේ ස්ථානවලට යෙත්වයි ගිඩියොන්ට කීසේක.