ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




විනිශ්චයකාරයෝ 7:5 - Sinhala Revised Old Version

ඔහු වතුර ළඟට සෙනඟ ගෙනායේය. ස්වාමීන්වහන්සේ ගිඩියොන්ට කථාකොට කියනසේක්: බල්ලා ලෙවකා බොන්නාක් මෙන් තමුන්ගේ දිවෙන් ලෙවකා වතුර බොන හැමදෙනා වෙනමද බොන්නට දණගසන හැමදෙනා වෙනමද සිටවන්නැයි ගිඩියොන්ට කීසේක.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ගිඩියොන් සෙනඟ වතුර ළඟට ගෙනාවේ ය. සමිඳාණන් වහන්සේ ගිඩියොන්ට කතා කොට, “බල්ලෙකු ලෙවකා බොන ලෙස තමන්ගේ දිවෙන් ලෙවකා වතුර බොන හැම දෙන ද වතුර බොන්නට දණ ගසන හැම දෙන ද වෙන වෙන ම සිටුවන්නැ”යි වදාළ සේක.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ගිඩියොන් සෙනඟ වතුර ළඟට ගෙනාවේ ය. සමිඳාණන් වහන්සේ ගිඩියොන්ට කතා කොට, “බල්ලෙකු ලෙවකා බොන ලෙස තමන්ගේ දිවෙන් ලෙවකා වතුර බොන හැම දෙන ද වතුර බොන්නට දණ ගසන හැම දෙන ද වෙන වෙන ම සිටුවන්නැ”යි වදාළ සේක.

පරිච්ඡේදය බලන්න



විනිශ්චයකාරයෝ 7:5
4 හුවමාරු යොමු  

එලියා ඈට කථාකොට: භය නොවන්න; ගොස් නුඹ කී හැටියට කරන්න. එහෙත් පළමුකොට එයින් මට කුඩා රොටියක් සාදා පිටතට මා ළඟට ගෙනෙන්න, පසුව නුඹටත් නුඹේ පුත්‍රයාටත් සාදාගන්න.


උන්වහන්සේ මාර්ගයෙහිදී දොළින් පානයකරනසේක; එබැවින් හිස ඔසවනසේක.


ස්වාමීන්වහන්සේ ගිඩියොන්ට කථාකොට: සෙනඟ තවම වැඩිය; ඔවුන් වතුර සමීපයට ගෙනෙන්න, මම එහිදී ඔවුන් නුඹ උදෙසා විමසන්නෙමි. මොහු නුඹ සමඟ යේවයි මම යමෙකු ගැන නුඹට කියන්නෙම්ද ඔහු යන්නේය; මොහු නුඹ සමඟ නොයේවයි මම යමෙකු ගැන නුඹට කියන්නෙම්ද ඔහු නොයන්නේයයි කීසේක.


තමුන්ගේ අත කටට තබා ලෙවකා බීවාවූ මිනිසුන්ගේ ගණන තුන්සියයක්ය. සෙනඟගෙන් අනික් සියල්ලෝ වතුර බොන පිණිස දණගැසුවෝය.