ඔහුද: අනේ ස්වාමීන්වහන්සේ උදහස් නොවනසේක්වා, එවිට මම කථාකරන්නෙමි. සමහරවිට තිස් දෙනෙක් එහි සම්බවන්නෝයයි කීවේය. උන්වහන්සේද: තිස්දෙනෙක් එහි මට සම්බවුණොත් ඒක නොකර සිටින්නෙමියි කීසේක.
විනිශ්චයකාරයෝ 6:39 - Sinhala Revised Old Version තවද ගිඩියොන් දෙවියන්වහන්සේට කථාකොට: ඔබවහන්සේගේ උදහස මට විරුද්ධව නොඇවිළේවා, මේ වර පමණක් කථාකරන්නෙමි. මේ වර පමණක් ලොම් මිටියෙන් විමසන්ට මට අවසර ලැබේවා; මුළු බිම පිට පිනි තිබෙද්දී ලොම් මිටිය පමණක් වියළී තිබේවයි කීවේය. Sinhala New Revised Version යළිත් ගිඩියොන් දෙවියන් වහන්සේට කතා කොට, “ඔබ වහන්සේගේ උදහස මට විරුද්ධ ව නොඇවිළේ වා! තව එක වරක් කතා කරන්නට මට අවසර දුන මැනව. ලොම් මිටියෙන් තව එක් වතාවක් පමණක් මට අත්හදා බලන්නට අවසර ලැබේ වා. මුළු බිම පිට පිනි තිබියදී ලොම් මිටිය පමණක් වියළී තිබේ වා”යි කී ය. Sinhala New Revised Version 2018 යළිත් ගිඩියොන් දෙවියන් වහන්සේට කතා කොට, “ඔබ වහන්සේගේ උදහස මට විරුද්ධ ව නොඇවිළේ වා! තව එක වරක් කතා කරන්නට මට අවසර දුන මැනව. ලොම් මිටියෙන් තව එක් වතාවක් පමණක් මට අත්හදා බලන්නට අවසර ලැබේ වා. මුළු බිම පිට පිනි තිබියදී ලොම් මිටිය පමණක් වියළී තිබේ වා”යි කී ය. |
ඔහුද: අනේ ස්වාමීන්වහන්සේ උදහස් නොවනසේක්වා, එවිට මම කථාකරන්නෙමි. සමහරවිට තිස් දෙනෙක් එහි සම්බවන්නෝයයි කීවේය. උන්වහන්සේද: තිස්දෙනෙක් එහි මට සම්බවුණොත් ඒක නොකර සිටින්නෙමියි කීසේක.
ඔහුද: අනේ ස්වාමීන්වහන්සේ උදහස් නොවන සේක්වා, එවිට මම මේ වර පමණක් කථාකරන්නෙමි. සමහරවිට දස දෙනෙක් එහි සම්බවන්නෝයයි කීය. උන්වහන්සේද: දස දෙනා නිසා ඒක විනාශ නොකර සිටින්නෙමියි කීසේක.
මා ආවිට කිසිවෙක් නොසිටියෙත් මා අඬගැසූ විට උත්තරදෙන්ට කිසිවෙක් නොසිටියෙත් මක්නිසාද? මුදන්ට බැරි හැටියට මගේ අත ඇත්තටම කොටවී තිබේද? නොහොත් ගළවන්ට මා වෙත බලය නැද්ද? බලව, මාගේ තරවටුකිරීමෙන් මුහුද හින්දවමි, ගංගාවන් කාන්තාරයක් කරමි; වතුර නැති නිසා එහි මත්ස්‍යයන් ගඳගසනවා ඇත, පිපාසායෙන් මැරෙනවා ඇත.
එබැවින් නුඹලාට මම කියමි–දෙවියන්වහන්සේගේ රාජ්‍යය නුඹලාගෙන් අහක්කොට එහි ඵල උපදවන ජාතියකට දෙනු ලබන්නේය.
එහෙත් රාජ්‍යයේ පුත්‍රයෝ පිටත අඳුරෙහි දමනු ලබන්නෝය. එහි හැඬීමද දත්මිටිකෑමද වන්නේයයි කීසේක.
එවිට පාවුල්ද බාර්ණබස්ද භය නැතුව කථාකරමින්: දෙවියන්වහන්සේගේ වචනය පළමුකොට නුඹලාට කියන්ට යුතුව තිබුණේය. නුඹලා ඒක පහකොට, සදාකාල ජීවනයට තමුන් නුසුදුස්සන් බව නුඹලාම විනිශ්චයකරගන්න හෙයින්, මෙන්න, අපි අන්‍යජාතීන් අතට හැරී යමුව.
එවිට උන්වහන්සේ මට කථාකොට: පිටත්වෙන්න. මක්නිසාද මම නුඹ මෙයින් බොහෝ ඈතට අන්‍ය ජාතීන් වෙතට යවන්නෙමියි කීසේකැයි කීවේය.
එහෙයින් දෙවියන්වහන්සේගේ මේ ගැළවීම අන්‍යජාතීන්ට යවනලද බව නුඹලාට දැනේවා. ඔවුන්ද ඒක අසනවා ඇතැයි කීවේය.
ඒ එසේ සිද්ධවිය. ඔහු පසුවදා අලුයම නැගිට ලොම් මිටියෙන් පිනි මිරිකා තැටියක් පුරා වතුර මිරිකා හැරියේය.
දෙවියන්වහන්සේ ඒ රාත්‍රියේ එසේ කළසේක. මුළු බිම පිට පිනි තිබෙද්දී ලොම් මිටිය පමණක් වියළී තිබුණේය.