විනිශ්චයකාරයෝ 3:29 - Sinhala Revised Old Version ඔව්හු ඒ ප්‍රස්තාවේදී මෝවබ්වරුන් දසදහසක් පමණ මැරුවෝය. ඔවුන් සියල්ලෝම ශක්තිමත්ව සියල්ලෝම බලවන්තයෝව සිටියෝය; එක්කෙනෙක්වත් ගැළවුණේ නැත. Sinhala New Revised Version ඔව්හු ඒ අවස්ථාවේ දී මෝවබ්වරුන් දසදහසක් පමණ මැරුවෝ ය. ඒ මෝවබ්වරු සියලු දෙන ශක්තිසම්පන්න බලවන්ත අය වූ හ. ඔවුන්ගෙන් එක් කෙනෙකු වත් ගැළවුණේ නැත. Sinhala New Revised Version 2018 ඔව්හු ඒ අවස්ථාවේ දී මෝවබ්වරුන් දසදහසක් පමණ මැරුවෝ ය. ඒ මෝවබ්වරු සියලු දෙන ශක්තිසම්පන්න බලවන්ත අය වූ හ. ඔවුන්ගෙන් එක් කෙනෙකු වත් ගැළවුණේ නැත. |
මම එකල්හි නුඹලාට අණකොට: මේ දේශය හිමිකරගන්නා පිණිස නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ එය නුඹලාට දී තිබේ. සන්නාහ සන්නද්ධව නුඹලාගෙන් බලවන්තයන් ව සිටින සියල්ලන් නුඹලාගේ සහෝදරවූ ඉශ්‍රායෙල් පුත්‍රයන්ට පෙරටුව යන්ට ඕනෑය.
එහෙත් යෙෂුරූන් තරවී පයින් ගැසීය. නුඹ තරවී ස්ථුලවී තරබාරු වූයෙහිය. එවිට ඔහු තමා සෑදූ දෙවියන්වහන්සේ අත්හැර, තමාගේ ගැළවීමේ පර්වතය සුළුකොට සිතුවේය.
ඔවුන්ට කථාකොට: මා පස්සේ එන්න. මක්නිසාද ස්වාමීන්වහන්සේ නුඹලාගේ සතුරන් වන මෝවබ්වරුන් නුඹලා අතට පාවා දී තිබේයයි කීවේය. ඔව්හු ඔහු පස්සේ ගොස් මෝවබ් ළඟ තිබෙන යොර්දාන්හි තොටුපළවල් අල්ලාගෙන, කිසිවෙකුට එයින් එගොඩවෙන්ට ඉඩ නුදුන්නෝය.
ඒ දවසේදී මෝවබ්වරු ඉශ්‍රායෙල්වරුන්ට යටත්කරනු ලැබුවෝය. ඉක්බිති අසූ අවුරුද්දක් දේශය නිශ්චලව තිබුණාය.