ගිබියාහි වැසියන්ගෙන් තෝරාගත් මිනිසුන් සත් සියයක් හැර නුවරවලින් රැස්වුණාවූ, කඩුව පාවිච්චිකරන්නන්වූ බෙන්යමින් පුත්‍රයන් විසි හය දහසක් ඒ දවසෙහි ගණන්කරනු ලැබූහ.
විනිශ්චයකාරයෝ 20:46 - Sinhala Revised Old Version මෙසේ බෙන්යමින්වරුන්ගෙන් ඒ දවසේදී වැටුණු, කඩුව පාවිච්චිකරන මනුෂ්‍යයෝ විසි පන්දහසක්ය; ඔවුන් සියල්ලෝ වික්‍රමාන්විත මනුෂ්‍යයෝය. Sinhala New Revised Version මෙසේ බෙන්ජමින්වරුන්ගෙන් ඒ දවසේ දී මැරුම්කෑ, කඩු හරඹෙහි දක්ෂ මනුෂ්‍යයෝ විසිපන්දහසක් වූ හ. ඔව්හු සියල්ලෝ බලසම්පන්න මනුෂ්‍යයෝ වූ හ. Sinhala New Revised Version 2018 මෙසේ බෙන්ජමින්වරුන්ගෙන් ඒ දවසේ දී මැරුම්කෑ, කඩු හරඹෙහි දක්ෂ මනුෂ්‍යයෝ විසිපන්දහසක් වූ හ. ඔව්හු සියල්ලෝ බලසම්පන්න මනුෂ්‍යයෝ වූ හ. |
ගිබියාහි වැසියන්ගෙන් තෝරාගත් මිනිසුන් සත් සියයක් හැර නුවරවලින් රැස්වුණාවූ, කඩුව පාවිච්චිකරන්නන්වූ බෙන්යමින් පුත්‍රයන් විසි හය දහසක් ඒ දවසෙහි ගණන්කරනු ලැබූහ.
ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් ඉදිරියෙහි බෙන්යමින් පරාජයකෙරෙවූසේක. ඉශ්‍රායෙල් පුත්‍රයෝ ඒ දවසේදී බෙන්යමින්වරුන්ගෙන් මිනිසුන් විසිපන්දාස් එකසියයක් විනාශකළෝය. මේ සියල්ලෝ කඩුව පාවිච්චිකරන අයය.
ඔව්හු හැරී කාන්තාරයෙහි තිබෙන රිම්මොන් පර්වතයට පලා ගියෝය. ඔවුන්ගෙන් වෙන් වශයෙන් පන්දහසක් මාවත්වලදී මරා, ඉතිරි අය පස්සේ ගිදොම් දක්වා එළවාගන ගොස්, ඔවුන්ගෙන් දෙදහසක් මැරුවෝය.
නුමුත් මනුෂ්‍යයන් හසියයක් හැරී කාන්තාරයෙහි තිබෙන රිම්මොන් පර්වතයට පලාගොස් රිම්මොන් පර්වතයෙහි හාර මාසයක් සිටියෝය.
සාවුල් උත්තර දෙමින්: මම ඉශ්‍රායෙල් ගෝත්‍රවලින් ඉතා කුඩා එකක්ව තිබෙන බෙන්යමින් ගෝත්‍රයේ කෙනෙක් නොවම්ද? මාගේ පවුල වනාහි බෙන්යමින් ගෝත්‍රයේ සියලු පවුල්වලින් සුළු එක නොවේද? එසේ නම් ඔබ මෙයාකාර මට කථාකරන්නේ මක්නිසාදැයි ඇසුවේය.