විනිශ්චයකාරයෝ 20:44 - Sinhala Revised Old Version මෙසේ බෙන්යමින්වරුන්ගෙන් මනුෂ්‍යයන් දහඅට දාහක් වැටුණෝය; ඔවුන් සියල්ලෝ වික්‍රමාන්විත මනුෂ්‍යයෝය. Sinhala New Revised Version මෙසේ බෙන්ජමින්වරුන්ගෙන් මිනිස්සු දහඅටදහසක් මැරුම්කෑහ. ඔව්හු සියල්ලෝ බලසම්පන්න මනුෂ්‍යයෝ වූ හ. Sinhala New Revised Version 2018 මෙසේ බෙන්ජමින්වරුන්ගෙන් මිනිස්සු දහඅටදහසක් මැරුම්කෑහ. ඔව්හු සියල්ලෝ බලසම්පන්න මනුෂ්‍යයෝ වූ හ. |
ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් ඉදිරියෙහි බෙන්යමින් පරාජයකෙරෙවූසේක. ඉශ්‍රායෙල් පුත්‍රයෝ ඒ දවසේදී බෙන්යමින්වරුන්ගෙන් මිනිසුන් විසිපන්දාස් එකසියයක් විනාශකළෝය. මේ සියල්ලෝ කඩුව පාවිච්චිකරන අයය.
ඔව්හු බෙන්යමින්වරුන් හැම අතින් වටකරගන, නැගෙනහිරින් ගිබියාට පැමිණෙන තුරු ඔවුන් පස්සේ එළවාගන ගොස්, ඔවුන් නැවතුණ තැනදී ඔවුන් පාගාදැමුවෝය.
ඔව්හු හැරී කාන්තාරයෙහි තිබෙන රිම්මොන් පර්වතයට පලා ගියෝය. ඔවුන්ගෙන් වෙන් වශයෙන් පන්දහසක් මාවත්වලදී මරා, ඉතිරි අය පස්සේ ගිදොම් දක්වා එළවාගන ගොස්, ඔවුන්ගෙන් දෙදහසක් මැරුවෝය.