විනිශ්චයකාරයෝ 20:35 - Sinhala Revised Old Version ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් ඉදිරියෙහි බෙන්යමින් පරාජයකෙරෙවූසේක. ඉශ්‍රායෙල් පුත්‍රයෝ ඒ දවසේදී බෙන්යමින්වරුන්ගෙන් මිනිසුන් විසිපන්දාස් එකසියයක් විනාශකළෝය. මේ සියල්ලෝ කඩුව පාවිච්චිකරන අයය. Sinhala New Revised Version සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල්වරුන් ඉදිරියෙහි බෙන්ජමින්වරුන් පරාජය කරවූ සේක. ඉශ්රායෙල් සෙනඟ ඒ දවසේ දී බෙන්ජමින්වරුන්ගෙන් මිනිසුන් විසිපන්දහස් එකසියයක් විනාශ කළෝ ය. මේ සියලු දෙනා කඩු හරඹයෙහි දක්ෂ අය වූ හ. Sinhala New Revised Version 2018 සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල්වරුන් ඉදිරියෙහි බෙන්ජමින්වරුන් පරාජය කරවූ සේක. ඉශ්රායෙල් සෙනඟ ඒ දවසේ දී බෙන්ජමින්වරුන්ගෙන් මිනිසුන් විසිපන්දහස් එකසියයක් විනාශ කළෝ ය. මේ සියලු දෙනා කඩු හරඹයෙහි දක්ෂ අය වූ හ. |
ගිබියාහි වැසියන්ගෙන් තෝරාගත් මිනිසුන් සත් සියයක් හැර නුවරවලින් රැස්වුණාවූ, කඩුව පාවිච්චිකරන්නන්වූ බෙන්යමින් පුත්‍රයන් විසි හය දහසක් ඒ දවසෙහි ගණන්කරනු ලැබූහ.
සියලු ඉශ්‍රායෙල්වරුන්ගෙන් තෝරාගත් මනුෂ්‍යයන් දසදාහක් ගිබියා ඉදිරිපිටට ආවෝය, සටනද බලතර විය. නුමුත් විපත තමුන්ට ළංවූ බව ඔව්හු නොදැන සිටියාහ.
තමුන් පරාජය වෙන බව බෙන්යමින් පුත්‍රයෝ දුටුවෝය. ඉශ්‍රායෙල් මනුෂ්‍යයෝ වනාහි තමුන් විසින් ගිබියා ළඟ සඟවා සිටෙවු මනුෂ්‍යයන් විශ්වාසකළ නිසා බෙන්යමින්වරුන් ඉදිරියෙන් ගියෝය.