ඔව්හු කඳු මාවත පසුකර ඇවිත්, ගෙබාහි නවාතැන් ගෙන සිටිති. රාමාය කම්පාවෙයි, සාවුල්ගේ ගිබෙයාය පලාගියේය.
විනිශ්චයකාරයෝ 20:31 - Sinhala Revised Old Version බෙන්යමින් පුත්‍රයෝ සෙනඟට විරුද්ධව පිටතට අවුත් නුවරින් ඈත් වී, වෙන වතාවලදී මෙන් සෙනඟට පහරදෙන්ට පටන්ගෙන, කෙතෙහි බෙතෙල්ටත් ගිබියාටත් යන මාවත් දෙකේදී ඉශ්‍රායෙල් මිනිසුන් තිස්දෙනෙක් පමණ මැරුවෝය. Sinhala New Revised Version බෙන්ජමින්වරු ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව පිටතට අවුත්, නුවරින් ඈත් වී, වෙන වතාවල දී මෙන් සෙනඟට පහර දෙන්නට පටන්ගෙන බෙතෙල්ටත්, ගිබියාවටත් යන මාර්ග දෙකේ දී ඉශ්රායෙල් මිනිසුන් තිස්දෙනෙකු පමණ මැරූ හ. Sinhala New Revised Version 2018 බෙන්ජමින්වරු ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව පිටතට අවුත්, නුවරින් ඈත් වී, වෙන වතාවල දී මෙන් සෙනඟට පහර දෙන්නට පටන්ගෙන බෙතෙල්ටත්, ගිබියාවටත් යන මාර්ග දෙකේ දී ඉශ්රායෙල් මිනිසුන් තිස්දෙනෙකු පමණ මැරූ හ. |
ඔව්හු කඳු මාවත පසුකර ඇවිත්, ගෙබාහි නවාතැන් ගෙන සිටිති. රාමාය කම්පාවෙයි, සාවුල්ගේ ගිබෙයාය පලාගියේය.
හායි නුවර මනුෂ්‍යයෝ ඔවුන්ගෙන් තිස් හදෙනෙක් පමණ මැරුවෝය. ඔව්හු නුවර දොරටුවේ සිට ෂෙබාරීම් දක්වා ඔවුන් පස්සේ එළවාගන ගොස්, පල්ලමේදී ඔවුන්ට පහරදුන්නෝය. එවිට සෙනඟගේ සිත් දියවී ගොස් වතුර මෙන් වුණේය.
ඉශ්‍රායෙල්වරුන් පස්සේ යන්ට පිටතට නොගිය එක මනුෂ්‍යයෙක්වත් හායිහි හෝ බෙතෙල්හි හෝ ඉතුරුනොවීය. නුවර නොවසා අත්හැර, ඔව්හු ඉශ්‍රායෙල්වරුන් එළවාගෙන ගියෝය.
තුන්වෙනිදා ඉශ්‍රායෙල් පුත්‍රයෝ බෙන්යමින් පුත්‍රයන්ට විරුද්ධව ගොස් වෙන වතාවලදී මෙන් ගිබියා ළඟ පිළිවෙළින් සිටගත්හ.
පළමු ලෙස ඔවුන් අප ඉදිරියෙහි පරාජයවෙනවායයි බෙන්යමින් පුත්‍රයෝ කීවෝය. එහෙත් ඉශ්‍රායෙල් පුත්‍රයෝ: අපි පලාගොස් ඔවුන් නුවරින් ඈත්කොට මාවත්වලට පමුණුවාගනිමුයයි කීවෝය.