දාවිත් ස්වාමීන්වහන්සේගෙන් විචාළ කල්හි උන්වහන්සේ: නුඹ ඉස්සරහට නොයන්න. වටකරින් ඔවුන්ට පිටිපස්සෙන් ගොස් ඇඹිල්ල ගස්වලට ඉස්සරහපිටින් ඔවුන් ළඟට පැමිණියන්න.
විනිශ්චයකාරයෝ 20:29 - Sinhala Revised Old Version ඉශ්‍රායෙල්වරුද ගිබියා වටකර මිනිසුන් සඟවා සිටෙවුවෝය. Sinhala New Revised Version ඉශ්රායෙල්වරු ද ගිබියාව වටකර මිනිසුන් සඟවා තැබුවෝ ය. Sinhala New Revised Version 2018 ඉශ්රායෙල්වරු ද ගිබියාව වටකර මිනිසුන් සඟවා තැබුවෝ ය. |
දාවිත් ස්වාමීන්වහන්සේගෙන් විචාළ කල්හි උන්වහන්සේ: නුඹ ඉස්සරහට නොයන්න. වටකරින් ඔවුන්ට පිටිපස්සෙන් ගොස් ඇඹිල්ල ගස්වලට ඉස්සරහපිටින් ඔවුන් ළඟට පැමිණියන්න.
නුඹ යෙරිකෝවටත් එහි රජුටත් කළ ලෙස හායිටත් එහි රජුටත් කරන්න. නුමුත් එහි කොල්ලය හා සිව්පාවුන් නුඹලාට කොල්ලයක් කොට ගන්න. නුවරට එහායින් සේනාවක් රහසේ සිටුවන්නැයි කීසේක.
ඔවුන්ට අණකොට: නුඹලා නුවරට එහායින් සැඟවී සිටින්න, නුවරින් වැඩිදුර නොගොස් සියල්ලෝම සූදානම්ව සිටින්න.
තුන්වෙනිදා ඉශ්‍රායෙල් පුත්‍රයෝ බෙන්යමින් පුත්‍රයන්ට විරුද්ධව ගොස් වෙන වතාවලදී මෙන් ගිබියා ළඟ පිළිවෙළින් සිටගත්හ.
සියලු ඉශ්‍රායෙල්වරුන්ගෙන් තෝරාගත් මනුෂ්‍යයන් දසදාහක් ගිබියා ඉදිරිපිටට ආවෝය, සටනද බලතර විය. නුමුත් විපත තමුන්ට ළංවූ බව ඔව්හු නොදැන සිටියාහ.