මෙසේ උරුම පිණිස සීමා වශයෙන් දේශය බෙදාදී නිමකොට ඉශ්‍රායෙල් පුත්‍රයෝ නූන්ගේ පුත්‍රවූ යෝෂුවාට තමුන් අතරෙහි උරුමයක් දුන්නෝය.
විනිශ්චයකාරයෝ 2:9 - Sinhala Revised Old Version ඔව්හු එප්‍රායිම් කඳු රටේ ගයෂ් කන්දට උතුරෙන් තිබෙන තිම්නාත්-හෙරෙස් නම් ඔහුගේ උරුම පළාතෙහි ඔහු තැන්පත්කළෝය. Sinhala New Revised Version ඔව්හු එප්‍රායිම් කඳු රටේ ගායෂ් කන්දට උතුරෙන් තිබෙන තිම්නාත්-හෙරෙස් නම් ඔහුගේ උරුම පළාතෙහි දී ඔහු තැන්පත් කළෝ ය. Sinhala New Revised Version 2018 ඔව්හු එප්‍රායිම් කඳු රටේ ගායෂ් කන්දට උතුරෙන් තිබෙන තිම්නාත්-හෙරෙස් නම් ඔහුගේ උරුම පළාතෙහි දී ඔහු තැන්පත් කළෝ ය. |
මෙසේ උරුම පිණිස සීමා වශයෙන් දේශය බෙදාදී නිමකොට ඉශ්‍රායෙල් පුත්‍රයෝ නූන්ගේ පුත්‍රවූ යෝෂුවාට තමුන් අතරෙහි උරුමයක් දුන්නෝය.
ඔහු ඉල්ලූ නුවර වන එප්‍රායිම් කඳු රටෙහි තිබෙන තිම්නත්-සෙරා ඔව්හු ස්වාමීන්වහන්සේගේ ආඥාව ප්‍රකාර ඔහුට දුන්නෝය. ඔහු ඒ නුවර ගොඩනගා එහි වාසය කෙළේය.
මේ කාරණාවලට පසු ස්වාමීන්වහන්සේගේ මෙහෙකරුවූ නූන්ගේ පුත්‍රවූ යෝෂුවා එකසිය දස අවුරුදු වයස්ව මළේය.
ඔව්හු එප්‍රායිම් කඳු රටේ ගායෂ් කන්දට උතුරෙන් තිබෙන තිම්නාත්-සෙරා නම්වූ ඔහුගේ උරුම පළාතෙහි ඔහු තැන්පත්කළාහ.
යෝෂුවාගේ මරණයෙන් පසු ඉශ්‍රායෙල් පුත්‍රයෝ: අපගේ කවුරු කානානිවරුන්ට විරුද්ධව යුද්ධකරන්ට පළමුකොට යා යුතුදැයි ස්වාමීන්වහන්සේගෙන් ඇසුවෝය.