විනිශ්චයකාරයෝ 15:17 - Sinhala Revised Old Version ඔහු කථාකර තීන්දුවූ විට තමාගේ අතෙන් හකු ඇටය වීසිකොට, එතැනට රාමත්-ලෙහිය යන නම තැබුවේය. Sinhala New Revised Version ඔහු මෙසේ කී පසු තමාගේ අතෙන් හකු ඇටේ වීසි කොට, ‘හකු ඇට හෙළ’ යන අර්ථය ඇති රාමත්-ලෙහි යන නම එතැනට තැබී ය. Sinhala New Revised Version 2018 ඔහු මෙසේ කී පසු තමාගේ අතෙන් හකු ඇටේ වීසි කොට, ‘හකු ඇට හෙළ’ යන අර්ථය ඇති රාමත්-ලෙහි යන නම එතැනට තැබී ය. |
එවිට සම්සොන්: කොටළු හකු ඇටයකින් ගොඩවල් පිට ගොඩවල් ගසා, එසේය, කොටළු හකු ඇටයකින් මනුෂ්‍යයන් දහසක් මැරුවෙමියි කීවේය.
එවිට ඔහු ඉතා පිපාසිතව ස්වාමීන්වහන්සේට යාච්ඤාකොට: ඔබගේ මෙහෙකරුවා ලවා ඔබම මේ මහත් ගැළවීම දුන්සේක. දැන් මම පිපාසායෙන් නැසී අචර්මඡේදිතයන්ගේ අතට අසුවන්නෙම්දැයි කීවේය.