විනිශ්චයකාරයෝ 15:12 - Sinhala Revised Old Version ඔව්හුද: නුඹ බැඳ පිලිස්තිවරුන් අතට පාවාදෙන පිණිස අපි ආවෙමුයයි ඔහුට කීවෝය. සම්සොන්ද: නුඹලාම මට පහර නොදෙන හැටියට දිවුරුම් දෙන්නැයි ඔවුන්ට කීවේය. Sinhala New Revised Version ඔව්හු ද, “ඔබ බැඳ පිලිස්තිවරුන්ට පාවා දෙන පිණිස අපි ආවෙමු”යි ඔහුට කී හ. සම්සොන් පිළිතුරු දෙමින්, “ඔබ ම මා නොමරන හැටියට දිවුරුම් දෙන්නැ”යි ඔවුන්ට කීවේ ය. Sinhala New Revised Version 2018 ඔව්හු ද, “ඔබ බැඳ පිලිස්තිවරුන්ට පාවා දෙන පිණිස අපි ආවෙමු”යි ඔහුට කී හ. සම්සොන් පිළිතුරු දෙමින්, “ඔබ ම මා නොමරන හැටියට දිවුරුම් දෙන්නැ”යි ඔවුන්ට කීවේ ය. |
එවිට යෙහෝයාදාගේ පුත්‍රවූ බෙනායා ගොස් ඔහුට ගසා ඔහු මැරුවේය; ඔහු කාන්තාරයෙහි තිබුණ තමාගේම ගෙයි තැන්පත්කරනු ලැබීය.
මක්නිසාද දෙවියන්වහන්සේ ඔහු කරණකොටගෙන ඔවුන්ට ගැළවීම දෙන බව තමාගේ සහෝදරයන් දන්නවායයි ඔහු සිතුවේය; නුමුත් ඔව්හු තේරුම් නොගත්තෝය.
එවිට යූදා මනුෂ්‍යයන්ගෙන් තුන් දහසක් ඒතාම් පර්වත විවරය ළඟට බැස සම්සොන්ට කථාකොට: පිලිස්තිවරුන් අප කෙරෙහි ආණ්ඩුකරන බව නුඹ දන්නේ නැද්ද? එහෙනම් නුඹ මේ අපට කරලා තිබෙන්නේ මොකදැයි කීවෝය. ඔවුන් මට කළ ලෙසම මමත් ඔවුන්ට කෙළෙමියි ඔහු කීය.
ඔව්හුද: නුඹ බැඳ ඔවුන් අතට පාවා දෙනවා මිස සැබවින් අපි නුඹ නොමරන්නෙමුයයි ඔහුට කියා, අලුත් ලනු දෙකකින් ඔහු බැඳ, පර්වතයෙන් ගෙනාවෝය.
එවිට සෙබාද ශල්මුන්නාද කථාකොට: නුඹම නැගිට අප මරන්න, මක්නිසාද මනුෂ්‍යයාගේ ප්‍රමාණය යම්සේද ඔහුගේ ශක්තියත් එසේමයයි කීවෝය. ගිඩියොන් නැගිට සෙබාද ශල්මුන්නාද මරා ඔවුන්ගේ ඔටුවන්ගේ කරේ තිබුණු නව සඳාකාර ආභරණ ගත්තේය.