ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




විනිශ්චයකාරයෝ 15:10 - Sinhala Revised Old Version

යූදා මනුෂ්‍යයෝ: කුමක් හෙයින් නුඹලා අපට විරුද්ධව ආවහුදැයි ඇසුවෝය. ඔව්හුද: සම්සොන් බැඳ ඔහු අපට කළ හැටියට ඔහුට කරන පිණිස ආවෙමුයයි කීවෝය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ජුදා වැසියෝ, “කුමක් නිසා ඔබ අපට විරුද්ධ ව ආවහු දැ”යි ඇසුවෝ ය. ඔව්හු පිළිතුරු දෙමින්, “අප ආවේ, සම්සොන් අත්අඩංගුවට ගෙන ඔහු අපට කළ හැටියට ඔහුටත් කරනු පිණිස යැ”යි කීවෝ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ජුදා වැසියෝ, “කුමක් නිසා ඔබ අපට විරුද්ධ ව ආවහු දැ”යි ඇසුවෝ ය. ඔව්හු පිළිතුරු දෙමින්, “අප ආවේ, සම්සොන් අත්අඩංගුවට ගෙන ඔහු අපට කළ හැටියට ඔහුටත් කරනු පිණිස යැ”යි කීවෝ ය.

පරිච්ඡේදය බලන්න



විනිශ්චයකාරයෝ 15:10
4 හුවමාරු යොමු  

එවිට යූදා මනුෂ්‍යයන්ගෙන් තුන් දහසක් ඒතාම් පර්වත විවරය ළඟට බැස සම්සොන්ට කථාකොට: පිලිස්තිවරුන් අප කෙරෙහි ආණ්ඩුකරන බව නුඹ දන්නේ නැද්ද? එහෙනම් නුඹ මේ අපට කරලා තිබෙන්නේ මොකදැයි කීවෝය. ඔවුන් මට කළ ලෙසම මමත් ඔවුන්ට කෙළෙමියි ඔහු කීය.


ඔහු ඔවුන්ට ගිය ගිය අතේ පහරදී මහත් මැරීමක් කෙළේය. පසුව ඔහු ගොස් ඒතාම් පර්වතයේ විවරයෙහි නැවතී සිටියේය.


එකල පිලිස්තිවරු පිටත්ව ගොස් යූදාහි කඳවුරු බැඳ ලෙහියේ පැතිර සිටියෝය.


එවිට දාවිත්: කෙයිලාහි මනුෂ්‍යයන් මා සහ මාගේ මිනිසුන් සාවුල් අතට පාවාදෙනවා ඇද්දැයි ඇසුවේය. ස්වාමීන්වහන්සේ: ඔවුන් පාවාදෙනවා ඇතැයි කීසේක.