ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




විනිශ්චයකාරයෝ 13:7 - Sinhala Revised Old Version

නුමුත් ඔහු මට කථාකොට: බලව, නුඹ ගර්භිණීව පුත්‍රයෙකු බිහිකරන්නෙහිය; ඒ නිසා දැන් ඉතින් නුඹ මුද්‍රිකපානයවත් සැර බීමවත් නොබී අපවිත්‍ර කිසි දෙයක් නොකා සිටින්න. මක්නිසාද ඒ දරුවා ගර්භයේ පටන් මැරෙන දවස දක්වා දෙවියන්වහන්සේට නාශරියයෙකු විය යුතුය කියා කීයේයයි කීවාය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

එහෙත්, ඔහු මට කතා කොට, ‘බලන්න, නුඹ පිළිසිඳගෙන පුත්‍රයෙකු ලබන්නෙහි ය; ඒ නිසා දැන් ඉතින් මුද්‍රික පානය වත්, සැර බීම වත් නොබී, අපවිත්‍ර කිසි දෙයක් නොකා සිටින්න. මන්ද, ඒ දරුවා ගර්භයේ පටන් මැරෙන දවස දක්වා දෙවියන් වහන්සේට කැප කරන ලද නාසරීයයෙකු විය යුතු ය’යි කීවේ ය.”

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

එහෙත්, ඔහු මට කතා කොට, ‘බලන්න, නුඹ පිළිසිඳගෙන පුත්‍රයෙකු ලබන්නෙහි ය; ඒ නිසා දැන් ඉතින් මුද්‍රික පානය වත්, සැර බීම වත් නොබී, අපවිත්‍ර කිසි දෙයක් නොකා සිටින්න. මන්ද, ඒ දරුවා ගර්භයේ පටන් මැරෙන දවස දක්වා දෙවියන් වහන්සේට කැප කරන ලද නාසරීයයෙකු විය යුතු ය’යි කීවේ ය.”

පරිච්ඡේදය බලන්න



විනිශ්චයකාරයෝ 13:7
6 හුවමාරු යොමු  

නුමුත් ඔව්හු: අපි මුද්‍රිකපානය නොබොම්හ. මක්නිසාද අපේ පියවූ රේකාබ්ගේ පුත්‍රවූ යෝනාදාබ් අපට අණකරමින්–නුඹලාවත් නුඹලාගේ පුත්‍රයෝවත් කිසිකලක මුද්‍රිකපානය නොබී සිටින්න.


නුඹලාගේ පුත්‍රයන්ගෙන් අනාගතවක්තෘවරුන්ද නුඹලාගේ තරුණයන්ගෙන් නසරියයන්ද නැගිටෙවුවෙමි. ඉශ්‍රායෙල් පුත්‍රයෙනි, එසේ නොවේදැයි ස්වාමීන්වහන්සේ කියනසේක.


ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කථාකරමින් ඔවුන්ට මෙසේ කියන්න–පුරුෂයෙක් හෝ ස්ත්‍රියෙක් හෝ ස්වාමීන්වහන්සේට කැපවී සිටීම පිණිස භාරයක් එනම් නසරීයයෙකුගේ භාරයක් වෙන කල,


ඒ නිසා දැන් ඉතින් නුඹ මුද්‍රික පානයවත් සැර බීමවත් නොබී අපවිත්‍ර දෙයක් නොකා සිටින හැටියට බලාගන්න.


එවිට ඒ ස්ත්‍රී අවුත් ඇගේ පුරුෂයාට කථාකොට: දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයෙක් මා ළඟට ආයේය, ඔහුගේ පෙනීම දේවදූතයෙකුගේ පෙනීම හා සමානව ඉතා භයානකව තිබුණේය; ඔහු කොතැනින් ආවාද කියා මම නොඇසීමි, ඔහු තමාගේ නම මට දැන්නුවෙත් නැත.


එවිට මානෝවා ස්වාමීන්වහන්සේට කන්නලව්කරමින්: අහෝ ස්වාමීන්වහන්ස, ඔබ විසින් එවනලද දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා නැවත අප ළඟට ඇවිත්, උපදින්නාවූ දරුවාට අප විසින් කළයුතු දේ අපට උගන්වාවයි කීවේය.