විනිශ්චයකාරයෝ 11:38 - Sinhala Revised Old Version ඔහුද: යන්නැයි කියා ඈ දෙමසකට ඇරියේය. ඈ ඇගේ යෙහෙළීන් සමඟ ගොස් ඇගේ කන්‍යාකම ගැන කඳුවල වැලපුණාය. Sinhala New Revised Version ඔහු ද ඈට, “යන්නැ”යි කියා ඈ දෙමසකට පිටත් කර යැව්වේ ය. ඈ ඇගේ යෙහෙළියන් සමඟ කඳුකරයට ගොස් ඇගේ කන්‍යාභාවය ගැන වැලපුණා ය. Sinhala New Revised Version 2018 ඔහු ද ඈට, “යන්නැ”යි කියා ඈ දෙමසකට පිටත් කර යැව්වේ ය. ඈ ඇගේ යෙහෙළියන් සමඟ කඳුකරයට ගොස් ඇගේ කන්‍යාභාවය ගැන වැලපුණා ය. |
තවද ඈ තමාගේ පියාට කථාකොට: මෙසේ මට අවසර ලැබේවා–මාද මාගේ යෙහෙළීන්ද ගොස් කඳුවල ඇවිද මාගේ කන්‍යාකම ගැන වැලපෙන්ට දෙමසක් මට කල් දුන මැනවියි කීවාය.
දෙමස තීන්දුවූ කල ඈ ඇගේ පියා වෙතට හැරී ආවාය, එවිට ඔහු තමා වුණාවූ බාරය ඈ කෙරෙහි ඉෂ්ටකෙළේය. ඈ කිසි පුරුෂයෙකු ඇඳින නොගත්තාය.