ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




විනිශ්චයකාරයෝ 11:32 - Sinhala Revised Old Version

මෙසේ යෙප්තා අම්මොන් පුත්‍රයන්ට විරුද්ධව යුද්ධකරන්ට ඔවුන් වෙතට ගියේය; ස්වාමීන්වහන්සේද ඔහු අතට ඔවුන් පාවාදුන්සේක.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

මෙසේ ජෙප්තා අම්මොන්වරුන්ට විරුද්ධ ව යුද්ධ කරන පිණිස ඔවුන් කරා ගියේ ය. සමිඳාණන් වහන්සේ ද ඔහු අතට ඔවුන් පාවා දුන් සේක.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

මෙසේ ජෙප්තා අම්මොන්වරුන්ට විරුද්ධ ව යුද්ධ කරන පිණිස ඔවුන් කරා ගියේ ය. සමිඳාණන් වහන්සේ ද ඔහු අතට ඔවුන් පාවා දුන් සේක.

පරිච්ඡේදය බලන්න



විනිශ්චයකාරයෝ 11:32
6 හුවමාරු යොමු  

යූදා එසේ නැගී ගිය කල ස්වාමීන්වහන්සේ කානානිවරුන්ද පෙරිස්සිවරුන්ද ඔවුන්ගේ අතට පාවාදුන්සේක. ඔව්හු බෙශෙක්හිදී මනුෂ්‍යයන් දසදහසකට පහර දුන්නෝය.


මා සමාදානයෙන් අම්මොන් පුත්‍රයන් වෙතින් හැරී එන කල මා සම්මුඛවෙන්ට මාගේ ගෙයි දොරකඩින් පිටත්ව එන කුමක් වුවත් ඒ ස්වාමීන්වහන්සේට අයිති වන්නේය, මම එය දවන පූජාවක් කොට ඔප්පුකරන්නෙමියි කීවේය.


ඔහු අරොයෙර් පටන් මින්නීත්ට පැමිණෙන තැන දක්වාද ආබෙල්-කෙරාමීම් දක්වාද ඔවුන්ට, එනම් නුවරවල් විස්සකට පහරදී, ඉතා මහත් මැරීමක් කෙළේය. මෙසේ අම්මොන් පුත්‍රයෝ ඉශ්‍රායෙල් පුත්‍රයන් ඉදිරියෙහි යටත්කරනු ලැබූහ.


එවිට ඔවුන්ගෙන් කොල්ලකෑ අයගෙන් ඔවුන් ගළවාගන්න පිණිස ස්වාමීන්වහන්සේ විනිශ්චයකාරයන් නැගුටුවාදුන්සේක.


ස්වාමීන්වහන්සේ ඔවුන්ට විනිශ්චයකාරයන් නැගුටුවාදුන් කල උන්වහන්සේ විනිශ්චයකාරයා සමඟ සිට, ඔහුගේ සියලු දවස්වල ඔවුන්ගේ සතුරන්ගේ අතින් ඔවුන් ගැළවූසේක. මක්නිසාද ඔවුන්ට පීඩාකළාවූ ඔවුන් පොඩිකළාවූ අය කරණකොටගෙන හටගත් ඔවුන්ගේ කෙඳිරිගෑම නිසා ස්වාමීන්වහන්සේ අනුකම්පාවූ සේක.


ස්වාමීන්වහන්සේගේ ආත්මය ඔහු කෙරෙහි පැමිණියෙන්, ඔහු ඉශ්‍රායෙල්වරුන් විනිශ්චයකරමින් යුද්ධයට පිටත්ව ගියේය. ස්වාමීන්වහන්සේ මෙසොපොතාමියේ රජවූ කුෂන්-රිෂාතයිම් ඔහු අතට පාවාදුන්සේක. ඔහුගේ අත කුෂන්-රිෂාතයිම්ට විරුද්ධව ජයගත්තේය.