ඒ දවසේදී අධිපතියා තමා උදෙසාත් දේශයේ මුළු සෙනඟ උදෙසාත් තරුණ ගොනෙක් පාප පූජාවක් කොට පිළියෙළකරන්නේය.
ලෙවී කථාව 4:14 - Sinhala Revised Old Version ඔවුන් කළ පාපය දැනගත් කල සමූහයා පාප පූජාවක් පිණිස ගොන් නාම්බෙකු ඔප්පුකර ඌ සම්මුඛවීමේ කූඩාරම ඉදිරියට ගෙනා යුතුය. Sinhala New Revised Version ඔවුන් වැරදිකරුවන් වීමට හේතු වූ පාපය දැනගත් කල, පාපය උදෙසා ජනතාව ගොන් වස්සෙකු පුද කොට, සම්මුඛ මණ්ඩපය ඉදිරියට ඌ ගෙනා යුතු ය. Sinhala New Revised Version 2018 ඔවුන් වැරදිකරුවන් වීමට හේතු වූ පාපය දැනගත් කල, පාපය උදෙසා ජනතාව ගොන් වස්සෙකු පුද කොට, සම්මුඛ මණ්ඩපය ඉදිරියට ඌ ගෙනා යුතු ය. |
ඒ දවසේදී අධිපතියා තමා උදෙසාත් දේශයේ මුළු සෙනඟ උදෙසාත් තරුණ ගොනෙක් පාප පූජාවක් කොට පිළියෙළකරන්නේය.
තමා කළාවූ පාපය ඔහු දැනගත්තොත්, පූජාව පිණිස එළුවන්ගෙන් කැලල් නැති පිරිමි සතෙකු ගෙනවුත්,
ඔහු තමා කළ පාපය ඔහු දැනගත්තොත් තමා කළාවූ පාපය නිසා එළුවන්ගෙන් කැලල් නැති ගෑනු සතෙකු ඔහුගේ පූජාව පිණිස ගෙනා යුතුය.
සෙනඟ පිට වරද පැමිණෙන ලෙස ආලේපලත් පූජකයා පව්කළොත්, ඔහු කළාවූ ඒ පාපය ගැන ස්වාමීන්වහන්සේට පාප පූජාවක් පිණිස කැලල් නැති ගොන් නාම්බෙකු ඔප්පුකෙරේවා.