තවද තමන්ගේ නගරබද පිට-බිම්වල විසූ පූජකයන්වූ ආරොන්ගේ පුත්‍රයන් උදෙසාත්, පූජකයන්ගේ සියලු පිරිමින්ට හා ලියවුණ සියලු ලෙවීවරුන්ට කොටස් දෙන පිණිස, නම් සඳහන්වූ මනුෂ්‍යයෝ සියලු නුවරවල පත්ව සිටියෝය.
ලෙවී කථාව 25:34 - Sinhala Revised Old Version එහෙත් ඔවුන්ගේ නගරබද ප්‍රදේශයේ කෙත් විකුණනු නොලැබිය යුතුය; මක්නිසාද ඒවා ඔවුන්ගේ නිරන්තර උරුමයක්ය. Sinhala New Revised Version එහෙත්, ලෙවීවරුන්ගේ නගර වට කර ඇති තණ බිම් නම්, කවරදා වත් නොවිකිණිය යුතු ය. ඒවා ඔවුන්ට සදහට ම අයිති වනු ඇත.” Sinhala New Revised Version 2018 එහෙත්, ලෙවීවරුන්ගේ නගර වට කර ඇති තණ බිම් නම්, කවරදා වත් නොවිකිණිය යුතු ය. ඒවා ඔවුන්ට සදහට ම අයිති වනු ඇත.” |
තවද තමන්ගේ නගරබද පිට-බිම්වල විසූ පූජකයන්වූ ආරොන්ගේ පුත්‍රයන් උදෙසාත්, පූජකයන්ගේ සියලු පිරිමින්ට හා ලියවුණ සියලු ලෙවීවරුන්ට කොටස් දෙන පිණිස, නම් සඳහන්වූ මනුෂ්‍යයෝ සියලු නුවරවල පත්ව සිටියෝය.
පූජකයන්ගේ සීමාවට යාව විසිපන් දහසක් දිගද දස දහසක් පළලද ඇති කොටසක් ලෙවීවරුන්ට වන්නේය. මුළු දිග විසිපන් දහසක්ද පළල දස දහසක්ද විය යුතුය.
ඔවුන් විසින් එයින් කිසිවක් විකුණන්ටවත් මාරුකරන්ටවත් භූමියේ ප්‍රථම ඵල අහිමිකරන්ටවත් නොයෙදේවා. මක්නිසාද එය ස්වාමීන්වහන්සේට ශුද්ධය.
දේශය හැමදාටම විකුණනු නොලැබිය යුතුය; මක්නිසාද දේශය මාගේය. නුඹලා වනාහි මා වෙත වසන විදේශීන් හා ආගන්තුකයෝය.
ලෙවීවරුන්ගෙන් කවරෙක්වත් මිදුවොත් විකුණනලද ගෙයද ඔහුගේ උරුම නුවරද ජුබිලි වර්ෂයේදී ආපසු යන්නේය. මක්නිසාද ලෙවීවරුන්ගේ නුවරවල ගෙවල් ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරෙහි ඔවුන්ගේ උරුමයය.