ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ලෙවී කථාව 25:32 - Sinhala Revised Old Version

එසේවී නුමුත් ලෙවීවරුන්ගේ නුවරවල් එනම් ඔවුන්ගේ උරුම නුවරවල ගෙවල් කොයි කලෙක වුවත් ලෙවීවරුන්ට මුදාගත හැකිය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

එහෙත් ලෙවීවරුන්ට නම්, ඔවුන්ගේ නගරවල පිහිටි නිවාස කැමැති වේලාවක මුදල් ගෙවා ආපසු හිමි කරගත හැක.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

එහෙත් ලෙවීවරුන්ට නම්, ඔවුන්ගේ නගරවල පිහිටි නිවාස කැමැති වේලාවක මුදල් ගෙවා ආපසු හිමි කරගත හැක.

පරිච්ඡේදය බලන්න



ලෙවී කථාව 25:32
6 හුවමාරු යොමු  

තවද තමන්ගේ නගරබද පිට-බිම්වල විසූ පූජකයන්වූ ආරොන්ගේ පුත්‍රයන් උදෙසාත්, පූජකයන්ගේ සියලු පිරිමින්ට හා ලියවුණ සියලු ලෙවීවරුන්ට කොටස් දෙන පිණිස, නම් සඳහන්වූ මනුෂ්‍යයෝ සියලු නුවරවල පත්ව සිටියෝය.


ඔවුන් විසින් එයින් කිසිවක් විකුණන්ටවත් මාරුකරන්ටවත් භූමියේ ප්‍රථම ඵල අහිමිකරන්ටවත් නොයෙදේවා. මක්නිසාද එය ස්වාමීන්වහන්සේට ශුද්ධය.


එහෙත් වටකරින් පවුරු නැති ගම්වල ගෙවල් දේශයේ කෙත් සමඟ ගණන්ගනු ලබන්නේය. ඒවා මුදාගත හැකිවන්නේය, ජුබිලි වර්ෂයෙහිදී ඒවා ආපසු යන්නෝය.


ලෙවීවරුන්ගෙන් කවරෙක්වත් මිදුවොත් විකුණනලද ගෙයද ඔහුගේ උරුම නුවරද ජුබිලි වර්ෂයේදී ආපසු යන්නේය. මක්නිසාද ලෙවීවරුන්ගේ නුවරවල ගෙවල් ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරෙහි ඔවුන්ගේ උරුමයය.