මේ වනාහි නුඹට ලකුණක් වන්නේය, එනම් මේ අවුරුද්දේ ඉබේම හට ගන්නා ධාන්‍ය සහ දෙවෙනි අවුරුද්දේ එයින් හටගන්න ඒවාත් නුඹලා කනවා ඇත; තුන්වෙනි අවුරුද්දේ නුඹලා වපුරා කපාගන්න, මිදිවතුත් වවා ඒවායේ ඵල කන්න.
ලෙවී කථාව 25:11 - Sinhala Revised Old Version ඒ පනස්වෙනි වර්ෂය නුඹලාට ජුබිලියක් වන්නේය. ඒ කාලයෙහි වපුරන්ටවත් ඉබේම හටගන්න ඒවා කපාගන්ටවත් කප්පාදු නොකළ මිදි වැළෙන් ඵල නෙලාගන්ටවත් යුතු නැත. Sinhala New Revised Version පණස් වන අවුරුද්ද ජුබිලියක් බැවින් නුඹලා නොවැපිරිය යුතු ය. ඉබේ ම වැවෙන දේවලින් අස්වැන්න නෙළා නොගත යුතු ය. අතු නොපාහින ලද මිදි වතුවලින් පලදාව රැස් කොට නොගත යුතු ය. Sinhala New Revised Version 2018 පනස් වන අවුරුද්ද ජුබිලියක් බැවින් නුඹලා නොවැපිරිය යුතු ය. ඉබේ ම වැවෙන දේවලින් අස්වැන්න නෙළා නොගත යුතු ය. අතු නොපාහින ලද මිදි වතුවලින් පලදාව රැස් කොට නොගත යුතු ය. |
මේ වනාහි නුඹට ලකුණක් වන්නේය, එනම් මේ අවුරුද්දේ ඉබේම හට ගන්නා ධාන්‍ය සහ දෙවෙනි අවුරුද්දේ එයින් හටගන්න ඒවාත් නුඹලා කනවා ඇත; තුන්වෙනි අවුරුද්දේ නුඹලා වපුරා කපාගන්න, මිදිවතුත් වවා ඒවායේ ඵල කන්න.
එසේ පනස්වෙනි වර්ෂය ශුද්ධ ලෙස පවත්වා දේශයෙහි සියලු වැසියන්ට නිදහස ප්‍රකාශකරන්න. එය නුඹලාට ජුබිලියක් වන්නේය; එකල නුඹලා එකිනෙකා තම තමාගේ උරුමයටත් තම තමාගේ පෙළපතටත් නැවත පැමිණිය යුතුය.
ඔහු තමාගේ කෙත ජුබිලි වර්ෂය පටන් කැප කරන්නේනම් නුඹේ නියමකිරීමේ හැටියට එය ස්ථිරවන්නේය.