ලෙවී කථාව 23:37 - Sinhala Revised Old Version ස්වාමීන්වහන්සේගේ සබත්ද නුඹලාගේ දානද නුඹලාගේ සියලු භාරවල්ද ස්වාමීන්වහන්සේට දෙන නුඹලාගේ සියලු සතුටු පඬුරුද ඇර, Sinhala New Revised Version “ඒ ඒ දවසට නියමිත ලෙස කළ යුතු වූ, සමිඳාණන් වහන්සේට ගින්නෙන් කරන පූජාවන් නම්, දවන යාග පූජා, ධාන්‍ය පූජා, යාග පඬුරු සහ පානීය පූජාවන් ය. මෙම පූජා ඔප්පු කිරීම පිණිස ශුද්ධ සභා රැස්වීම කැඳවා ප්‍රකාශ කළ යුතු ය. Sinhala New Revised Version 2018 “ඒ ඒ දවසට නියමිත ලෙස කළ යුතු වූ, සමිඳාණන් වහන්සේට ගින්නෙන් කරන පූජාවන් නම්, දවන යාග පූජා, ධාන්‍ය පූජා, යාග පඬුරු සහ පානීය පූජාවන් ය. මෙම පූජා ඔප්පු කිරීම පිණිස ශුද්ධ සභා රැස්වීම කැඳවා ප්‍රකාශ කළ යුතු ය. |
ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කථාකොට මෙසේ කියන්න–ශුද්ධ සභා රැස්වීම් කොට නුඹලා විසින් ප්‍රසිද්ධකළ යුතු ස්වාමීන්වහන්සේගේ මංගල්‍යයන් එනම් මාගේ නියම මංගල්‍යයන් මේවාය:
ඒ ඒ දවසට නියම ලෙස ස්වාමීන්වහන්සේට ගින්නෙන් කරන පූජාවක් වන දවන පූජාවක්ද ආහාර පූජාවක්ද යාගයක්ද පාන පූජා ඔප්පුකරන පිණිස ශුද්ධ සභා රැස්වීම් කොට නුඹලා විසින් ප්‍රසිද්ධකළ යුතු ස්වාමීන්වහන්සේගේ නියම මංගල්‍යයන් මේවාය.
ඒ ඒ නියම කාලවල නුඹලා විසින් ප්‍රසිද්ධකළ යුතු ශුද්ධ සභා රැස්වීම් වන ස්වාමීන්වහන්සේගේ නියම මංගල්‍යයන් මේවාය.