ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ලෙවී කථාව 13:44 - Sinhala Revised Old Version

ඔහු කුෂ්ඨ රෝගකාරයෙක්ය, ඔහු අපවිත්‍රය; ඔහු අපවිත්‍රයයි පූජකයා සැබවින් ප්‍රකාශකළ යුතුය; ඔහුගේ රෝගය ඔහුගේ හිසෙහිය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ඔහු හමේ බෝවෙන රෝගයක් ඇති කෙනෙකි. ඔහු අපවිත්‍ර ය. පූජකවරයා ඒ තැනැත්තාගේ හිසේ බෝවෙන චර්ම රෝගයක් ඇති බැවින් ඔහු අපවිත්‍ර යයි ප්‍රකාශ කළ යුතු ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ඔහු හමේ බෝවෙන රෝගයක් ඇති කෙනෙකි. ඔහු අපවිත්‍ර ය. පූජකවරයා ඒ තැනැත්තාගේ හිසේ බෝවෙන චර්ම රෝගයක් ඇති බැවින් ඔහු අපවිත්‍ර යයි ප්‍රකාශ කළ යුතු ය.

පරිච්ඡේදය බලන්න



ලෙවී කථාව 13:44
7 හුවමාරු යොමු  

ඔව්හු යෞවන වයසේදී නසිති; ඔවුන්ගේ ජීවිතය දූෂ්‍යවූවන් අතරේ විනාශවෙයි.


නුඹලා වඩ වඩා කැරළිගසා තව පහර ලබන්නේ මක්නිසාද? මුළු හිස රෝගාතුරව, මුළු සිත දුර්වලව තිබේ.


එවිට පූජකයා ඔහු බලාවා. තවද ශරීරයේ හමේ කුෂ්ඨරෝගයේ පෙනීම වාගේ රතට හුරු සුදු කුෂ්ඨ ඉදිමුමක් ඔහුගේ මුඩු හිසේවත් මුඩු නළලේවත් තිබුණොත්,


කුෂ්ඨරෝගය ඇති අය තමාගේ වස්ත්‍ර ඉරාගන හිසකේ විදහාගන උඩු තොල වසාගන: අපවිත්‍රය අපවිත්‍රය කියා මොරගැසිය යුතුය.


නුඹේ ඇස නපුරුනම්, නුඹේ මුළු ශරීරය අඳුරු වන්නේය. එබැවින් නුඹ තුළ තිබෙන එළිය අඳුරුනම් ඒ අඳුර කොපමණ මහත්ද!