ලෙවී කථාව 11:22 - Sinhala Revised Old Version එනම් ඒ ඒ වර්ගයේ පළඟැටියෝද ඒ ඒ වර්ගයේ තට්ට පළඟැටියෝද ඒ ඒ වර්ගයේ ගොඩ වෙලුවෝද ඒ ඒ වර්ගයේ තනගිරව්ද නුඹලාට කන්ට පුළුවන. Sinhala New Revised Version එනම්, නා නා විධ පළඟැටි ගිරව්, නා නා විධ රැහැයියන්, නා නා විධ වාලුකා පළඟැටි ගිරව් කෑමට සුදුසු ය. Sinhala New Revised Version 2018 එනම්, නා නා විධ පළඟැටි ගිරව්, නා නා විධ රැහැයියන්, නා නා විධ වාලුකා පළඟැටි ගිරව් කෑමට සුදුසු ය. |
එහෙත් පියාපත් ඇති බඩගා යන සතර පයින් ඇවිදින භූමිය පිට පැනයන පිණිස පාදවලට ඉහළින් කකුල් ඇති සියලු සතුන් අතරෙන් මුන් නුඹලාට කන්ට පුළුවන:
මෙම යොහන් ඔටුරෝම වස්ත්‍ර හැඳ, ඉඟටියේ හම්පටියක් බැඳ සිටියේය; ඔහුගේ කෑම වූයේ පළඟැටියන් හා වනමීය.
ඒ ගැන බොහෝ දේ කියන්ට අපට ඇත්තේය, නුමුත් නුඹලා ඇසීමට මැළිව සිටින බැවින් ඒවා තේරුම්කරදෙන්ට අමාරුය.