රෝම 15:27 - Sinhala Revised Old Version එසේය, එය ඔවුන්ගේ ප්‍රසන්නය වූයේය; තවද ඔව්හු ඔවුන්ගේ ණයකාරයෝය. මක්නිසාද අන්‍යජාතීහු ඔවුන්ගේ ආත්මික දේවල පංගුකාරයෝ වූවෝ නම්, මාංසික දේවලින් ඔවුන්ටත් සේවයකිරීමට ඔව්හු ණයව සිටිති. Sinhala New Revised Version එය ඔවුන් සිය කැමැත්තෙන් කළ තීරණයකි. ඒ ඇරත්, එසේ කිරීම ඔවුන්ගේ යුතුකම ය. මන්ද, විජාතීන් ජුදෙව්වරුන්ගේ ආධ්‍යාත්මික ආශීර්වාදවලින් ප්‍රයෝජන ලැබුවා සේ ම, ජුදෙව්වරුන්ගේ භෞතික අවශ්‍යතාවල දී ඔවුන්ට ආධාර දීමට විජාතීහු බැඳී සිටිති. සිංහල කාලීන පරිවර්තනය ඔවුන් එය කළේ කැමැත්තෙන්ම ය. ඇත්තෙන්ම ඔවුන්ට දීමට ඔවුන් ණය ගැති ය. මන්ද ඔවුන්ගේ ආත්මික ආශිර්වාදවලට අන්‍ය-ජාතීන් පංගුකාර වූවා නම්, තම ද්‍රව්‍යමය ආශිර්වාද ඔවුන් හා බෙදා හදා ගැනීම යුතු ය. Sinhala New Revised Version 2018 එය ඔවුන් සිය කැමැත්තෙන් කළ තීරණයකි. ඒ ඇරත්, එසේ කිරීම ඔවුන්ගේ යුතුකම ය. මන්ද, විජාතීන් ජුදෙව්වරුන්ගේ ආධ්‍යාත්මික ආශීර්වාදවලින් ප්‍රයෝජන ලැබුවා සේ ම, ජුදෙව්වරුන්ගේ භෞතික අවශ්‍යතාවල දී ඔවුන්ට ආධාර දීමට විජාතීහු බැඳී සිටිති. |
නුමුත් සමහර අතු කඩාදමනලද්දේ වී නම්, වල් ඔලීව ගසක්වූ නුඹ ඒවා අතරේ පාස්සනු ලැබ, ඔලීව ගසේ සාරවත්කමේ මුලට පංගුකාරයෙක් වූයෙහි නම්,
මක්නිසාද ව්‍යවස්ථාව ආත්මික බව අපි දනිමුව. නුමුත් මම මාංසිකව පාපයට විකුණනු ලැබ සිටිමි.
පාවුල් නම් මම මාගේම අතින් මේක ලියමි: මම ඒක ගෙවන්නෙමි. [මෙසේ කියන්නේ] නුඹම මට ණයක්ව සිටින බව නුඹට නොකියන පිණිසය.