පොළොවේ රාජ්‍යයෙනි, දෙවියන්වහන්සේට ගී කියව්; ස්වාමීන්වහන්සේට ප්‍රශංසා ගී කියව්; පෙර සිට පවත්නා ආකාශවල ආකාශයන්හි නැගීයන්නාවූ තැනන්වහන්සේට ගී කියව්;
රෝම 15:10 - Sinhala Revised Old Version නැවතත්: අන්‍යජාතීනි, උන්වහන්සේගේ සෙනඟ සමඟ ප්‍රීතිවෙන්නැයි කියා තිබේ. Sinhala New Revised Version නැවතත්: “විජාතීනි, උන් වහන්සේගේ සෙනඟ සමඟ ප්‍රීති ප්‍රමෝද වන්නැ”යි කියා ඇත. සිංහල කාලීන පරිවර්තනය නැවතත්, “එම්බා අන්‍ය-ජාතීනි, උන්වහන්සේගේ ජනයා සමඟ ප්‍රීතිවන්න.” Sinhala New Revised Version 2018 නැවතත්: “විජාතීනි, උන් වහන්සේගේ සෙනඟ සමඟ ප්‍රීති ප්‍රමෝද වන්නැ”යි කියා ඇත. |
පොළොවේ රාජ්‍යයෙනි, දෙවියන්වහන්සේට ගී කියව්; ස්වාමීන්වහන්සේට ප්‍රශංසා ගී කියව්; පෙර සිට පවත්නා ආකාශවල ආකාශයන්හි නැගීයන්නාවූ තැනන්වහන්සේට ගී කියව්;
යෙරුසලමට ප්‍රේමකරන සියල්ලෙනි, ඈ සමඟ සන්තෝෂවී, ඈ කෙරෙහි ප්‍රීතිමත්වෙන්න; ඈ ගැන වැලපෙන සියල්ලෙනි, ප්‍රීතියෙන් ඈ සමඟ ප්‍රීතිවෙන්න.
එම්බා ජාතීනි, උන්වහන්සේගේ සෙනඟ සමඟ ප්‍රීතිවන්න. මක්නිසාද උන්වහන්සේ ස්වකීය මෙහෙකරුවන්ගේ ලේවලට පළිගනිමින්, තමන් එදිරිකාරයන්ට ප්‍රතිඵල දී, ස්වකීය දේශයටත් සෙනඟටත් ක්ෂමා වනසේක.