එබැවින් මනුෂ්‍යයන් විසින් නුඹලාට යමක් යමක් කරනවාට නුඹලා කැමතිද නුඹලාත් එසේම ඔවුන්ට කරන්න. ව්‍යවස්ථාවත් අනාගත වාක්‍යයත් මේය.
රෝම 13:8 - Sinhala Revised Old Version එකිනෙකාට ප්‍රේමවීම මිස, අන් කිසිවක් ගැන කිසිවෙකුට ණයව නොසිටින්න. මක්නිසාද තමාගේ අසල්වාසියාට ප්‍රේමකරන්නා ව්‍යවස්ථාව සම්පූර්ණකර තිබේ. Sinhala New Revised Version එකිනෙකාට ප්‍රේම කිරීම හැර අන් කිසිවක් ගැන කිසිවෙකුට ණය ගැති නොවන්න. අසල්වැසියාට ප්‍රේම කරන්නෝ ව්‍යවස්ථාව ඉටු කරති. සිංහල කාලීන පරිවර්තනය එකිනෙකාට ප්‍රේම කිරීමට ණයවීම මිසක කිසිවකුට කිසිවක් ණය නො වන්න. මන්ද අනෙකකුට ප්‍රේම කරන්නා, දහම් නීතිය සම්පූර්ණ කරයි. Sinhala New Revised Version 2018 එකිනෙකාට ප්‍රේම කිරීම හැර අන් කිසිවක් ගැන කිසිවෙකුට ණය ගැති නොවන්න. අසල්වැසියාට ප්‍රේම කරන්නෝ ව්‍යවස්ථාව ඉටු කරති. |
එබැවින් මනුෂ්‍යයන් විසින් නුඹලාට යමක් යමක් කරනවාට නුඹලා කැමතිද නුඹලාත් එසේම ඔවුන්ට කරන්න. ව්‍යවස්ථාවත් අනාගත වාක්‍යයත් මේය.
මා නුඹලාට ප්‍රේමකළාක්මෙන් නුඹලාත් එකිනෙකාට ප්‍රේමකරන ලෙස, එකිනෙකාට ප්‍රේමකරන්නය කියා අලුත් ආඥාවක් මම නුඹලාට දෙමි.
ප්‍රේමය අසල්වාසියාට නපුරක් කරන්නේ නැත. එබැවින් ප්‍රේමය නම් ව්‍යවස්ථාව සම්පූර්ණ කිරීමය.
එබැවින් සියල්ලන්ට දෙන්ට යුතු දේ දෙන්න. සුංගම් දෙන්ට නිස්සාට සුංගම්ද අයබදු දෙන්ට නිස්සාට අයබදුද දෙන්න; භයවෙන්ට නිස්සාට භයවෙන්න; ගෞරව ලබන්ට නිස්සාට ගෞරවකරන්න.
මක්නිසාද: නුඹට මෙන් නුඹේ අසල්වාසියාට ප්‍රේමකරන්න යන එක වාක්‍යයෙන්ම මුළු ව්‍යවස්ථාව සම්පූර්ණවේ,
ආඥාවේ අභිප්‍රාය නම් පිරිසිදු සිතකිනුත් යහපත් හෘදයසාක්ෂියකිනුත් සැබෑ අවංකවූ ඇදහිල්ලෙනුත් නික්මෙන ප්‍රේමයය.
එසේ වුවත්: නුඹට මෙන් නුඹේ අසල්වාසියාට ප්‍රේමකරව යන රාජකීය ව්‍යවස්ථාව ලියවිල්ලේ හැටියට පවත්වන්නහු නම්, නුඹලා කරන එක යහපත්ය.
මෙයින් දෙවියන්වහන්සේගේ දරුවෝද යක්ෂයාගේ දරුවෝද ප්‍රකාශව සිටිති. ධර්මිෂ්ඨකම් නොකරන කවරෙක්වත් තමාගේ සහෝදරයාට ප්‍රේම නොකරන්නෙක්වත් දෙවියන්වහන්සේගෙන් නොවෙයි.