රෝම 12:21 - Sinhala Revised Old Version නපුරුකමෙන් පරාජය නොවී, යහපත්කමෙන් නපුරුකම පරාජයකරන්න. Sinhala New Revised Version නපුරෙන් පරාජය නොවී, යහපතින් නපුර පරාජය කරන්න. සිංහල කාලීන පරිවර්තනය නපුරට ඔබ පරදවන්න නො දී, යහපත මඟින් නපුර පරදවන්න. Sinhala New Revised Version 2018 නපුරෙන් පරාජය නොවී, යහපතින් නපුර පරාජය කරන්න. |
නුමුත් නුඹේ සතුරාට බඩගිනිවුවොත් ඔහුට කන්ට දෙන්න; පිපාසවුවොත් ඔහුට බොන්ට දෙන්න. එසේ කිරීමෙන් නුඹ ඔහුගේ හිස පිට ගිනිඅඟුරු ගොඩකරන්නෙහිය.
හැමදෙනාම බලයලත් මුලාදෑනීන්ට යටත්වෙත්වා. මක්නිසාද දෙවියන්වහන්සේගෙන් මිස කිසි මුලාදෑනිකමක් නැත්තේය; ඇත්තාවූ මුලාදෑනිකම් දෙවියන්වහන්සේ විසින් නියමකර තිබේ.
නපුරට නපුරවත් නින්දාවට නින්දාවවත් නොකොට, නුඹලාට ආශීර්වාදයක් උරුමවෙන පිණිස කැඳවනු ලැබූ බැවින්, ආශීර්වාදම කරන්න.