එවිට ඔහු ළඟට අවුත් ඔහු සිඹගත්තේය. ඊසාක් ඔහුගේ වස්ත්‍රවල සුවඳ සිඹ ඔහුට ආශීර්වාදකරමින්: බලව, මාගේ පුත්‍රයාගේ සුවඳ වනාහි ස්වාමීන්වහන්සේ ආශීර්වාදකළ කෙතක සුවඳ මෙනි.
රූත් 1:9 - Sinhala Revised Old Version නුඹලා එකිනෙකා තම තමාගේ පුරුෂයා ඇතුව ඔහුගේ ගෙදර විශ්‍රාමය ලබන ලෙස ස්වාමීන්වහන්සේ නුඹලාට වර දෙනසේක්වයි කීවාය. ඉක්බිති ඕතොමෝ ඔවුන් සිඹගත්තාය. ඔව්හුද ශබ්දනගා අඬා: Sinhala New Revised Version තවද, ඔබ දෙදෙනා නැවත පවුල් වී සුරැකි ව සිටීමට සමිඳාණන් වහන්සේ ඔබට පිහිට වන සේක් වා!” මෙසේ කියා නයෝමි ඔවුන් දෙදෙනා සිඹ ඔවුන්ගෙන් සමුගත්තා ය. එහෙත්, ලේලීන් දෙදෙනා හඬා වැලපෙමින්, Sinhala New Revised Version 2018 තවද, ඔබ දෙදෙනා නැවත පවුල් වී සුරැකි ව සිටීමට සමිඳාණන් වහන්සේ ඔබට පිහිට වන සේක් වා!” මෙසේ කියා නයෝමි ඔවුන් දෙදෙනා සිඹ ඔවුන්ගෙන් සමුගත්තා ය. එහෙත්, ලේලීන් දෙදෙනා හඬා වැලපෙමින්, |
එවිට ඔහු ළඟට අවුත් ඔහු සිඹගත්තේය. ඊසාක් ඔහුගේ වස්ත්‍රවල සුවඳ සිඹ ඔහුට ආශීර්වාදකරමින්: බලව, මාගේ පුත්‍රයාගේ සුවඳ වනාහි ස්වාමීන්වහන්සේ ආශීර්වාදකළ කෙතක සුවඳ මෙනි.
ඔහු තමාගේ සියලු සහෝදරයන් සිඹ ඔවුන් වැලඳගෙන හැඬුවේය. ඉන්පසු ඔහුගේ සහෝදරයෝ ඔහු සමඟ කථාකළෝය.
ඔවුන් සියල්ලෝ, තවත් තමාගේ මුහුණ ඔව්හු නොදකින්නෝයයි පාවුල් කී වචනය ගැන සියල්ලට වඩා කනගාටුවෙමින්, අතිශයෙන් හඬා,
නායොමි ඇගේ යෙහෙළීන් දෙදෙනාට කථාකොට: නුඹලා හැරී නුඹලාගේ මවුවරුන්ගේ ගෙවලට යන්න. නුඹලා මැරුණ අයටත් මටත් කරුණාවෙන් ක්‍රියාකළ ලෙස ස්වාමීන්වහන්සේ නුඹලාටත් කරුණාවෙන් යුක්තව ක්‍රියාකරනසේක්වා.
එවිට ඇගේ නැන්දාවූ නායොමි ඈට කථාකොට: මාගේ දියණියෙනි, නුඹට ශුභසිද්ධියක් වෙන පිණිස මා විසින් නුඹට නිවාසයක් සොයන්ට ඕනෑ නොවේද?