සත් අවුරුද්ද කෙළවරදී ඒ ස්ත්‍රී පිලිස්තිවරුන්ගේ දේශයෙන් හැරී ආවාය. තවද ඈ ඇගේ ගෙය සහ බිම් ගැන රජුට අයදින්ට පිටත්ව ආවාය.
රූත් 1:7 - Sinhala Revised Old Version ඈද ඈ සමග ඇගේ යෙහෙළීන් දෙදෙනාද තමුන් සිටි තැනින් පිටත්ව ගොස් යූදා දේශයට හැරී එන පිණිස ගමන්ගත්තෝය. Sinhala New Revised Version ඈ ද ඈ සමඟ ලේලීන් දෙදෙනා ද ඔවුන් සිටි දේශය අත්හැර ජුදා දේශය බලා ආපසු ගමන්ගත්හ. Sinhala New Revised Version 2018 ඈ ද ඈ සමඟ ලේලීන් දෙදෙනා ද ඔවුන් සිටි දේශය අත්හැර ජුදා දේශය බලා ආපසු ගමන්ගත්හ. |
සත් අවුරුද්ද කෙළවරදී ඒ ස්ත්‍රී පිලිස්තිවරුන්ගේ දේශයෙන් හැරී ආවාය. තවද ඈ ඇගේ ගෙය සහ බිම් ගැන රජුට අයදින්ට පිටත්ව ආවාය.
ඔව්හු ශබ්දනගා නැවත ඇඬුවෝය. ඔර්පා ඇගේ නැන්දා සිඹ යන්ට ගියාය; නුමුත් රූත් ඈට ඇලුම්කමින් බැඳී සිටියාය.
එවිට මෝවබ් රටින් හැරී එන පිණිස ඈ තමාගේ යෙහෙළීන් සමග නැගුටුණාය. මක්නිසාද ස්වාමීන්වහන්සේ තමන් සෙනඟට භෝජනය දීමෙන් ඔවුන්ට කරුණාව පෙන්වූ බව මෝවබ් රටේදී ඈට සැලවිය.
නායොමි ඇගේ යෙහෙළීන් දෙදෙනාට කථාකොට: නුඹලා හැරී නුඹලාගේ මවුවරුන්ගේ ගෙවලට යන්න. නුඹලා මැරුණ අයටත් මටත් කරුණාවෙන් ක්‍රියාකළ ලෙස ස්වාමීන්වහන්සේ නුඹලාටත් කරුණාවෙන් යුක්තව ක්‍රියාකරනසේක්වා.