ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යොෂුවා 8:4 - Sinhala Revised Old Version

ඔවුන්ට අණකොට: නුඹලා නුවරට එහායින් සැඟවී සිටින්න, නුවරින් වැඩිදුර නොගොස් සියල්ලෝම සූදානම්ව සිටින්න.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ඔවුන්ට ඔහු මෙසේ අණ කෙළේ ය: “බලන්න, ඔබ හැම නගරයට එහායින් සැඟවී සිටින්න; නගරයෙන් වැඩි දුර නොගොස්, සියල්ලන් ම සූදානම් වී සිටිය යුතු ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ඔවුන්ට ඔහු මෙසේ අණ කෙළේ ය: “බලන්න, ඔබ හැම නගරයට එහායින් සැඟවී සිටින්න; නගරයෙන් වැඩි දුර නොගොස්, සියල්ලන් ම සූදානම් වී සිටිය යුතු ය.

පරිච්ඡේදය බලන්න



යොෂුවා 8:4
14 හුවමාරු යොමු  

රජතෙමේ රාත්‍රියේ නැගිට තමාගේ සේවකයන්ට කථාකොට: ඉතින් සිරියවරුන් අපට කර තිබෙන කාරණය නුඹලාට දන්වමි. අපට බඩගිනි ඇති බව ඔව්හු දනිති; එබැවින් අප නුවරින් පිටත ආ කල ඔව්හු අප පණපිටින් අල්ලා නුවරට ඇතුල්වෙන්ට සිතාගෙන පිටත සැඟවී ඉන්ට කඳවුර අත්හැර ගියෝයයි කීවේය.


නුමුත් ඔවුන්ට පිටිපසින් එන පිණිස යෙරොබොවම් රහසින් සේනාවක් වටේට යැවීය. මෙසේ ඔව්හු යූදාවරුන්ට ඉස්සරහපිටින්ද රහස් සේනාව ඔවුන්ට පිටිපස්සෙන්ද සිටියෝය.


ප්‍රඥාව වනාහි නුවරක වසන අධිපතීන් දස දෙනෙකුට වඩා ඥානවන්තයාට ශක්තියක්ය.


එවිට මම: බලවන්තකමට වඩා ප්‍රඥාව හොඳයයි කීවෙමි. එහෙත් දිළින්දාගේ ප්‍රඥාව සුළුකරනු ලැබේ, ඔහුගේ වචනද අසනු නොලැබේ.


නුමුත් ඔවුන්ගේ කැමැත්තට ඉඩ නුදුන මැනවි. මක්නිසාද ඔවුන්ගෙන් හතළිහකට වැඩි දෙනෙක් ඔහු මරන තුරු කන්නේවත් බොන්නේවත් නැත කියා දිවිරිල්ලකින් තමුන්ම බැඳගෙන රැකසිටිති. දැන් ඔව්හු සූදානම්ව ඔබගේ පොරොන්දුව බලාසිටිතියි කීවේය.


එවිට ඔවුන් පස්සේ එළවාගන යන පිණිස හායි නුවර සිටි මුළු සෙනඟ අඬගස්වා ගන්නාලද්දාහ. ඔව්හු යෝෂුවා පස්සේ එළවාගන ගොස් නුවරින් ඈත්වූවෝය.


මෙසේ යෝෂුවා හා මුළු යුද්ධ සේනාව හායිට යන පිණිස නැගිට්ටෝය. යෝෂුවා බලසම්පන්න යුද්ධකාරයන් තිස් දාහක් තෝරාගෙන රාත්‍රියේ ඔවුන් යවමින්,


ඉශ්‍රායෙල්වරුද ගිබියා වටකර මිනිසුන් සඟවා සිටෙවුවෝය.


එවිට සියලු ඉශ්‍රායෙල් මනුෂ්‍යයෝ තමුන් සිටි තැනින් නැගිට ගොස් බාල්-තාමාර්හි පිළිවෙළින් සිටගත්තෝය. සැඟවී බලා සිටි ඉශ්‍රායෙල්වරුද තමුන්ගේ ස්ථානයවූ ගිබියාහි පිට්ටනියෙන් නික්ම ආවෝය.


තමුන් පරාජය වෙන බව බෙන්යමින් පුත්‍රයෝ දුටුවෝය. ඉශ්‍රායෙල් මනුෂ්‍යයෝ වනාහි තමුන් විසින් ගිබියා ළඟ සඟවා සිටෙවු මනුෂ්‍යයන් විශ්වාසකළ නිසා බෙන්යමින්වරුන් ඉදිරියෙන් ගියෝය.


ෂෙකෙම් වැසියෝ ඔහුට විරුද්ධව කඳු මුදුන්වල රහසින් මනුෂ්‍යයන් සිටෙවුවෝය, ඔව්හු ඒ මාර්ගයෙහි තමුන් ළඟින් යන සියල්ලන්ගෙන් කොල්ලකෑවෝය. එපවත් අබිමෙලෙක්ට දන්වනලද්දේය.


එබැවින් නුඹ සහ නුඹ වෙත සිටින සෙනඟ රාත්‍රියේ පිටත්වී කෙතේ සැඟවී සිටි උදය ඉර උදාවූ වහාම නැගිට නුවරට විරුද්ධව පැමිණෙන්න.


සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: ඉශ්‍රායෙල් මිසරයෙන් එන කල අමලෙක්වරුන් ඔවුන්ට කළ දේ එනම් ඔවුන්ට විරුද්ධව මාර්ගයෙහි සිටි හැටි සිහිකරමි.


සාවුල් අමලෙක්වරුන්ගේ නුවර ළඟට පැමිණ මිටියාවතේ සැඟවී රුක සිටියේය.