ඔහුට දකුණෙන් සිටියාවූ ඔහුගේ සහෝදරවූ ආසාප්ය. ආසාප් බෙරෙකියාගේ පුත්‍රයාය, ඔහු ෂිමෙයාගේ පුත්‍රයාය;
යොෂුවා 21:4 - Sinhala Revised Old Version කොහාත්වරුන්ගේ පවුල්වලට පස ඇටය වැටුණේය. ලෙවීවරුන්ගෙන්වූ ආරොන් පූජකයාගේ පුත්‍රයන්ට යූදා ගෝත්‍රයෙන්ද සිමියොන් ගෝත්‍රයෙන්ද බෙන්යමින් ගෝත්‍රයෙන්ද නුවරවල් දහතුනක් පස ඇට දැමීමෙන් ලැබුණේය. Sinhala New Revised Version පස ඇට දැමීමෙන් කොහාත්වරුන්ගේ ගෝත්‍රවලට නගර නියම කරන ලදී. පූජක ආරොන්ගෙන් පැවත ආ ලෙවීවරුන්ට ජුදා ගෝත්‍රයෙන් ද සිමියොන් ගෝත්‍රයෙන් ද බෙන්ජමින් ගෝත්‍රයෙන් ද නගර දහතුනක් පස ඇට දැමීමෙන් ලැබුණේ ය. Sinhala New Revised Version 2018 පස ඇට දැමීමෙන් කොහාත්වරුන්ගේ ගෝත්‍රවලට නගර නියම කරන ලදී. පූජක ආරොන්ගෙන් පැවත ආ ලෙවීවරුන්ට ජුදා ගෝත්‍රයෙන් ද සිමියොන් ගෝත්‍රයෙන් ද බෙන්ජමින් ගෝත්‍රයෙන් ද නගර දහතුනක් පස ඇට දැමීමෙන් ලැබුණේ ය. |
ඔහුට දකුණෙන් සිටියාවූ ඔහුගේ සහෝදරවූ ආසාප්ය. ආසාප් බෙරෙකියාගේ පුත්‍රයාය, ඔහු ෂිමෙයාගේ පුත්‍රයාය;
තමන්ගේ පරම්පරා වශයෙන් ලෙවී පුත්‍රයන්ගේ නාම මෙසේය: ගේර්ෂොන්, කොහාත් සහ මෙරාරීය. ලෙවීගේ ජීවිතයේ අවුරුදු එකසිය තිස්හතක් විය.
අම්රාම් තමාගේ පියාගේ සහෝදරීවූ යොඛෙබෙද් භාර්යාව කොට පාවාගත්තේය; ඈ ඔහු නිසා ආරොන් සහ මෝසෙස් බිහිකළාය. අම්රාම්ගේ ජීවිතයේ අවුරුදු එකසිය තිස්හතක් විය.
අම්රාම් පවුලද ඉශ්හාර් පවුලද හෙබ්‍රොන් පවුලද උස්සීයෙල් පවුලද කොහාත්ගෙන් වූවෝය. කොහාත්වරුන්ගේ පවුල් මේවාය.
ඉශ්‍රායෙල් පුත්‍රයෝ ස්වාමීන්වහන්සේගේ ආඥාව ලෙස තමුන්ගේ උරුමයෙන් මෙකී නුවරවල්ද ඒවායේ පිට-බිම්ද ලෙවීවරුන්ට දුන්නෝය.
කොහාත්ගේ අනික් පුත්‍රයන්ට එප්‍රායිම් ගෝත්‍රයේ පවුල්වලින්ද දාන් ගෝත්‍රයෙන්ද මනස්සේගේ අර්ධ ගෝත්‍රයෙන්ද නුවරවල් දසයක් පස ඇට දැමීමෙන් ලැබුණේය.
ආරොන්ගේ පුත්‍රවූ එලෙයාසර්ද මළේය; ඔව්හු ඔහුගේ පුත්‍රවූ පීනෙහාස්ට එප්‍රායිම් කඳුරටෙහි දෙනලද හෙලේ ඔහු තැන්පත් කළෝය.