එසේවී නුමුත් ලෙවීවරුන්ගේ නුවරවල් එනම් ඔවුන්ගේ උරුම නුවරවල ගෙවල් කොයි කලෙක වුවත් ලෙවීවරුන්ට මුදාගත හැකිය.
යොෂුවා 21:2 - Sinhala Revised Old Version කානාන් දේශයේ ෂීලෝහිදී ඔවුන්ට කථාකොට: වාසයකිරීමට නුවරවල්ද අපේ සිව්පාවුන්ට ඒවායේ පිට-බිම්ද දෙන්ට කියා ස්වාමීන්වහන්සේ මෝසෙස් ලවා ආඥාකෙරෙවුසේකැයි කීවෝය. Sinhala New Revised Version කානාන් දේශයෙහි ෂිලෝහි දී ඔවුන්ට කතා කොට, “වාසය කිරීමට නගර ද අපේ සිවුපාවුන්ට ඒ නගර අවට තණ බිම් ද දෙන්නට කියා සමිඳාණන් වහන්සේ මෝසෙස් ලවා ආඥා කෙරෙවූ සේකැ”යි කීවෝ ය. Sinhala New Revised Version 2018 කානාන් දේශයෙහි ෂිලෝහි දී ඔවුන්ට කතා කොට, “වාසය කිරීමට නගර ද අපේ සිවුපාවුන්ට ඒ නගර අවට තණ බිම් ද දෙන්නට කියා සමිඳාණන් වහන්සේ මෝසෙස් ලවා ආඥා කෙරෙවූ සේකැ”යි කීවෝ ය. |
එසේවී නුමුත් ලෙවීවරුන්ගේ නුවරවල් එනම් ඔවුන්ගේ උරුම නුවරවල ගෙවල් කොයි කලෙක වුවත් ලෙවීවරුන්ට මුදාගත හැකිය.
ගමනට මල්ලක්වත් කබා දෙකක්වත් වහන්වත් සැරයටියක්වත් සපයා නොගන්න. මක්නිසාද වැඩකරුවාට තමාගේ කෑම ලැබෙන්ට යුතුය.
තවද ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ මුළු සභාව ෂීලෝහි රැස්ව සම්මුඛවීමේ කූඩාරම එහි පිහිටෙවුවාය. දේශයද ඔවුන් ඉදිරියෙහි යටත්ව තිබුණේය.
ඉශ්‍රායෙල් පුත්‍රයෝ ස්වාමීන්වහන්සේගේ ආඥාව ලෙස තමුන්ගේ උරුමයෙන් මෙකී නුවරවල්ද ඒවායේ පිට-බිම්ද ලෙවීවරුන්ට දුන්නෝය.