ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යොෂුවා 21:16 - Sinhala Revised Old Version

ආයින් සහ එහි පිට-බිම්ද යුත්තා සහ එහි පිට-බිම්ද බෙත්-ෂෙමෙෂ් සහ එහි පිට-බිම්ද යන මේ නුවරවල් නවය ඒ ගෝත්‍ර දෙකෙන් දුන්නෝය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

අයින් සහ ඒ අවට තණ බිම් ද ජුතා සහ ඒ අවට තණ බිම් ද බෙත්-ෂෙමෙෂ් සහ ඒ අවට තණ බිම් ද යන ඒ නගර නවය ඒ ගෝත්‍ර දෙකෙන් දුන්නෝ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

අයින් සහ ඒ අවට තණ බිම් ද ජුතා සහ ඒ අවට තණ බිම් ද බෙත්-ෂෙමෙෂ් සහ ඒ අවට තණ බිම් ද යන ඒ නගර නවය ඒ ගෝත්‍ර දෙකෙන් දුන්නෝ ය.

පරිච්ඡේදය බලන්න



යොෂුවා 21:16
10 හුවමාරු යොමු  

මාකශ්හිද ෂයාල් බිම්හිද බෙත්-ෂෙමෙෂ්හිද ඒලොන්-බෙන්-හානාන්හිද සිටිය බෙන්-දෙකෙර්ය.


ඔවුන්ගේ ගම් ඒතාම්, ආයින්, රිම්මෝන්, තොකෙන්, ආෂාන් යන නුවරවල් පහක් සහ බාල් දක්වා එම නුවරවල් වටේට තිබුණු සියලු ගමුත්ය.


ආෂාන් සහ ඒකේ පිට-බිම්ද බෙත්-ෂෙමෙෂ් සහ ඒකේ පිට-බිම්ද;


මෙසේ ඉශ්‍රායෙල්හි රජවූ යෝවාෂ් පිටතට ගියේය; ඔහුද යූදාහි රජවූ අමශියාද යූදාට අයිති බෙත්-ෂෙමෙෂ්හිදී මුණගැසුණෝය.


බාලා සිට බස්නාහිරට හැරී සේයිර් කන්දටද, එතනින් කෙසාලොන් වන යෙයාරීම් කන්දට උතුරු පැත්තෙන්ද ගොස් බෙත්-ෂෙමෙෂ්ට බැස, තිම්නාට ගියේය.


ලෙබායොත්ද ෂිල්හිම්ද ආයින්ද රිම්මොන්ද යන මේවාය. ගම් සහිතව සියලු නුවරවල් විසිනවයක්ය.


ලිබ්නාද එතෙර්ද ආෂාන්ද,


මායොන්ද කර්මෙල්ද ශිප්ද යූතාද,


එළදෙන්නු බෙත්-ෂෙමෙෂ්ට කෙළින් යන පාරේ ගියෝය; දකුණටවත් වමටවත් නොහැරී කෑගසගසා ඒ මාවත දිගේම ගියෝය; පිලිස්තිවරුන්ගේ අධිපතියෝද බෙත්-ෂෙමෙෂ්හි සීමාව දක්වා උන් පස්සේ ගියෝය.


බලාසිටින්න. ඉදින් ඒකේ සීමාවට යන මාර්ගයෙන් බෙත්-ෂෙමෙෂ්ට ගියොත්, මේ මහත් විපත්තිය අපට සිදුකළේ උන්වහන්සේ බව එයින් පෙනෙයි, නැත්නම් අපට පහර දුන්නේ උන්වහන්සේගේ හස්තය නොව ඒක ඉබේම අපට පැමුණුණ බව අපට පෙනෙනවා ඇතැයි කීවෝය.