යොෂුවා 19:49 - Sinhala Revised Old Version මෙසේ උරුම පිණිස සීමා වශයෙන් දේශය බෙදාදී නිමකොට ඉශ්‍රායෙල් පුත්‍රයෝ නූන්ගේ පුත්‍රවූ යෝෂුවාට තමුන් අතරෙහි උරුමයක් දුන්නෝය. Sinhala New Revised Version මෙසේ උරුම පිණිස සීමා වශයෙන් දේශය බෙදා දී නිම කොට ඉශ්රායෙල් ජනයා නූන්ගේ පුත් ජෝෂුවාට තමන් අතරෙහි උරුමයක් දුන්නෝ ය. Sinhala New Revised Version 2018 මෙසේ උරුම පිණිස සීමා වශයෙන් දේශය බෙදා දී නිම කොට ඉශ්රායෙල් ජනයා නූන්ගේ පුත් ජෝෂුවාට තමන් අතරෙහි උරුමයක් දුන්නෝ ය. |
ඔහු ඉල්ලූ නුවර වන එප්‍රායිම් කඳු රටෙහි තිබෙන තිම්නත්-සෙරා ඔව්හු ස්වාමීන්වහන්සේගේ ආඥාව ප්‍රකාර ඔහුට දුන්නෝය. ඔහු ඒ නුවර ගොඩනගා එහි වාසය කෙළේය.
ඔව්හු එප්‍රායිම් කඳු රටේ ගයෂ් කන්දට උතුරෙන් තිබෙන තිම්නාත්-හෙරෙස් නම් ඔහුගේ උරුම පළාතෙහි ඔහු තැන්පත්කළෝය.