ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යොෂුවා 19:26 - Sinhala Revised Old Version

අල්ලම්මෙලෙක්ද අමාද්ද මිෂාල්ද යන මේවාය; බස්නාහිරට සීමාව කර්මෙල්ටත් ෂිහොර්-ලිබ්නාත්ටත් පැමුණුණේය;

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

අල්ලම්මෙලෙක් ද අමාද් ද මිෂාල් ද යන මේවා ය. බස්නාහිරට සීමාව කර්මෙල්ටත් ෂිහොර්-ලිබ්නාත්ටත් පැමිණියේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

අල්ලම්මෙලෙක් ද අමාද් ද මිෂාල් ද යන මේවා ය. බස්නාහිරට සීමාව කර්මෙල්ටත් ෂිහොර්-ලිබ්නාත්ටත් පැමිණියේ ය.

පරිච්ඡේදය බලන්න



යොෂුවා 19:26
15 හුවමාරු යොමු  

ඉතින් දැන් පණිවුඩ යවා සියළු ඉශ්‍රායෙල්වරුන්ද බාල්ගේ ප්‍රොපේතවරුන් හාරසිය පනසද යෙසෙබෙල්ගේ මේසයේ කන අෂේරිය ප්‍රොපේතවරුන් හාරසියදෙනාද මා ළඟට කර්මෙල් කන්දට රැස්කරවන්නැයි කීවේය.


එවිට ආහබ් සියලු ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරට පණිවුඩ යවා ප්‍රොපේතවරුන් කර්මෙල් කන්දට රැස්කෙරෙවුවේය.


ආහබ් කන බොන පිණිස හැරී ගියේය. එලියා කර්මෙල් කන්ද මුදුනට නැගී බිම වැටී දණ දෙකට අතරේ මුහුණ තබාගන:


හෙතෙම එතැනින් කර්මෙල් කන්දට ගොස් එයින් සමාරියට හැරී ආවෝය.


ආෂෙර් ගෝත්‍රයෙන් මාෂාල් සහ ඒකේ පිට-බිම්ද අබ්දෝන් සහ ඒකේ පිට-බිම්ද;


නුඹේ මතුයෙහි තිබෙන නුඹේ සිරස කර්මෙල් කන්ද මෙන්ය, නුඹේ හිසකේ රත්නිල් කෙඳි මෙන්ය; රජතෙමේ ඒ රොදවලින් වසඟවී සිටියි.


දේශය ශෝකවී මැලවේ. ලෙබනොන් ලජ්ජාවී වියලෙයි. ෂාරොන් කාන්තාරයක් මෙන්ය; බාෂාන් සහ කර්මෙල් කොළ හෙළාදමයි.


සන්තෝෂයද ගී කීමද ඇතුව එය බොහෝසේ මල් දරා ප්‍රීතිමත්වන්නේය; ලෙබනොන්හි තේජසත් කර්මෙල් සහ ෂාරොන්හි අලංකාරකමත් ඊට දෙනුලබන්නේය. ඔව්හු ස්වාමීන්වහන්සේගේ තේජසද අපේ දෙවියන්වහන්සේගේ අලංකාරකමද දකින්නෝය.


නුඹේ සේවකයන් ලවා නුඹ ස්වාමීන්වහන්සේට අපහාසකරවා කථාකොට–මාගේ රථ රාශිය සමඟ මම කඳුවල මුදුනට එනම් ලෙබනොන්හි ඈත පළාත්වලට නැගුණෙමි; එහි උස්වූ කිහිරි ගස්ද අනර්ඝ දේවදාර ගස්ද කපාදමන්නෙමි. එහි උයන් වතු සහිත වනය වන ඉතා දුරවූ උස් ප්‍රදේශයටත් ඇතුල්වන්නෙමි.


කඳු අතරේ තාබොර් මෙන්ද මුහුද ළඟ තිබෙන කර්මෙල් මෙන්ද සැබෑවටම ඔහු එන්නේය කියා මාගේ ජීවිතය ගැන කියමියි සේනාවල ස්වාමීන්වහන්සේ නම්වූ රජ්ජුරුවන්වහන්සේ කියනසේක.


මායොන්ද කර්මෙල්ද ශිප්ද යූතාද,


ඔවුන්ගේ සීමාව හෙල්කත්ද හලීද බෙටෙන්ද අක්ෂාප්ද,


එතනින් නැගෙනහිරට හැරී බෙත්-දාගොන්ට ගොස්, සාබුලොන්ටත් බෙත්-ඒමෙක්ට සහ නෙයියෙල්ට උතුරෙන් තිබෙන ඉප්තා-යෙල් මිටියාවතටත් පැමිණ, වමට තිබෙන කාබුල්ද,


ආෂේර් ගෝත්‍රයෙන් මිෂාල් සහ එහි පිට-බිම්ද අබ්දොන් සහ එහි පිට-බිම්ද,


සාමුවෙල් උදය සාවුල් සම්බවෙන්ට යන පිණිස වේලාසනින් නැගිට්ටේය; එවිට: සාවුල් කර්මෙල්ට පැමිණ, එහි ජයස්තමහයක් පිහිටුවා, හැරී ගිල්ගාල්ට බැස යන්ට ගියේයයි සාමුවෙල්ට දන්වනලද්දේය.