යොෂුවා 17:6 - Sinhala Revised Old Version මක්නිසාද මනස්සේගේ දූවරුන්ට ඔහුගේ පුත්‍රයන් අතරෙහි උරුමයක් ලැබුණේය. මනස්සේගේ අනික් පුත්‍රයන්ට ගිලියද් දේශය හිමි වුණේය. Sinhala New Revised Version මන්ද, මනස්සේගේ දූවරුන්ට ඔහුගේ පුත්‍රයන් අතරෙහි උරුමයක් ලැබුණු හෙයිනි. මනස්සේගේ අනික් පුත්‍රයන්ට ගිලියද් දේශය හිමි වුණේ ය. Sinhala New Revised Version 2018 මන්ද, මනස්සේගේ දූවරුන්ට ඔහුගේ පුත්‍රයන් අතරෙහි උරුමයක් ලැබුණු හෙයිනි. මනස්සේගේ අනික් පුත්‍රයන්ට ගිලියද් දේශය හිමි වුණේ ය. |
මෝසෙස් මනස්සේගේ අර්ධ ගෝත්‍රයටත් උරුමයක් දුන්නේය. එය මනස්සේ පුත්‍රයන්ගේ අර්ධ ගෝත්‍රයට තමුන්ගේ පවුල්වල හැටියට ලැබුණේය.
ඔවුන්ගේ පළාත නම් මහනයිම් පටන් මුළු බාෂාන් වන බාෂාන්හි රජවූ ඕග් රජුගේ මුළු රාජ්‍යයත් බාෂාන්හි තිබෙන යායිර්ගේ සියලු නිවාස වන නුවරවල් හැටකුත්ය.
ගිලියද් දේශයෙන් අර්ධයක්ද බාෂාන්හි තිබුණ ඕග් රජුගේ රාජ්‍යයේ නුවරවල් වන අෂ්ටාරොත්ද එද්‍රෙයිද මනස්සේගේ පුත්‍රවූ මාකීර්ගේ පුත්‍රයන්ට එනම් මාකීර්ගේ පුත්‍රයන්ගෙන් දෙකෙන් කොටසකට තමුන්ගේ පවුල්වල හැටියට ලැබුණේය.
මනස්සේගේ සීමාව ආෂෙර් පටන් ෂෙකෙම් ඉදිරියෙහි තිබෙන මික්මෙතාත් දක්වා විය; එතනින් සීමාව දකුණට ඒන්-තප්පුවාහි වාසීන් කරා ගියේය.
මනස්සේගේ ගෝත්‍රයෙන් අර්ධයකට මෝසෙස් බාෂාන්හි උරුමයක් දී තිබුණේය. අනික් අර්ධයට යෝෂුවා ඔවුන්ගේ සහෝදරයන් අතරෙහි බස්නාහිරට යොර්දාන් මෙගොඩ උරුමයක් දුන්නේය. තවද යෝෂුවා ඔවුන්ගේ කූඩාරම්වලට ඔවුන් හරින කල ඔවුන්ට ආශීර්වාදකරමින්: