යොෂුවා 17:2 - Sinhala Revised Old Version මනස්සේගේ අනික් පුත්‍රයන් වන අබියෙසෙර්ගේ පුත්‍රයන්ටද හේලෙක්ගේ පුත්‍රයන්ටද අස්රීයෙල්ගේ පුත්‍රයන්ටද ෂෙකෙම්ගේ පුත්‍රයන්ටද හේපෙර්ගේ පුත්‍රයන්ටද ෂෙමිදාගේ පුත්‍රයන්ටද ඔවුන්ගේ පවුල්වල හැටියට කොටස් ලැබුණේය. තමුන්ගේ පවුල්වල හැටියට යෝසෙප්ගේ පුත්‍රවූ මනස්සේගේ පිරිමි දරුවෝ මොව්හුය. Sinhala New Revised Version මනස්සේගේ අනික් පුත්‍රයන් වන අබීයෙසෙර්ගේ පරපුරට ද හේලෙක්ගේ පරපුරට ද අශ්‍රීයෙල්ගේ පරපුරට ද ෂෙකෙම්ගේ පරපුරට ද හේපෙර්ගේ පරපුරට ද ෂෙමිදාගේ පරපුරට ද ඔවුන්ගේ පවුල් ගණන අනුව කොටස් ලැබුණේ ය. තමන්ගේ පවුල් ගණන අනුව ජෝසෙප්ගේ පුත් මනස්සේගේ පිරිමි දරුවෝ මොවුහු ය. Sinhala New Revised Version 2018 මනස්සේගේ අනික් පුත්‍රයන් වන අබීයෙසෙර්ගේ පරපුරට ද හේලෙක්ගේ පරපුරට ද අශ්‍රීයෙල්ගේ පරපුරට ද ෂෙකෙම්ගේ පරපුරට ද හේපෙර්ගේ පරපුරට ද ෂෙමිදාගේ පරපුරට ද ඔවුන්ගේ පවුල් ගණන අනුව කොටස් ලැබුණේ ය. තමන්ගේ පවුල් ගණන අනුව ජෝසෙප්ගේ පුත් මනස්සේගේ පිරිමි දරුවෝ මොවුහු ය. |
යෝසෙප්ගේ කුලුඳුලාවූ මනස්සේගේ ගෝත්‍රයට ලැබුණු කොටස මේය. මනස්සේගේ කුලුඳුලාවූ, ගිලියද්ගේ පියවූ මාකීර් යුද්ධකාර මනුෂ්‍යයෙක් බැවින් ඔහුට ගිලියද්ද බාෂාන්ද ලැබුණේය.
නුමුත් මනස්සේගේ පුත්‍රයා වන මාකීර්ගේ පුත්‍රවූ ගිලියද්ගේ පුත්‍රයා වන හෙඵෙර්ගේ පුත්‍රවූ ශෙලෝඵෙහාද්ට දූවරුන් මිස පුත්‍රයෝ නුවූහ. ඔහුගේ දූවරුන්ගේ නාම මාලා, නෝවා, හොග්ලා, මිල්කා සහ තිර්ශාය.
ස්වාමීන්වහන්සේගේ දූතයා ඇවිත් අබියෙශ්‍රීය යෝවාෂ්ට අයිතිවූ ඔප්‍රාහි තිබෙන අලෝන ගස යට හිඳගත්තේය. යෝවාෂ්ගේ පුත්‍රවූ ගිඩියොන් මිදියන්වරුන්ගෙන් තිරිඟු සඟවාගන්න පිණිස ඒවා මුද්‍රික යන්ත්‍රයෙහි මඩිමින් සිටියේය.
ඔහු ඔවුන්ට කථාකොට: නුඹලා කළ දේ බැලුවාම මා කළේ කුමක්ද? අබියෙශෙර්ගේ මුළු මුද්‍රික ඵලදාවට වඩා එප්‍රායිම්ගේ ඉතුරු ඵල හොඳ නොවේද?