ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යොෂුවා 17:10 - Sinhala Revised Old Version

දකුණු පැත්ත එප්‍රායිම්ටද උතුරු පැත්ත මනස්සේටද අයිතිය, තවත් ඔහුගේ සීමාවක් මුහුදය; ඒවා උතුරෙන් ආෂෙර්ටත් නැගෙනහිරෙන් ඉස්සාඛර්ටත් යාව තිබේ.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

දකුණු පැත්ත එප්‍රායිම්ට ද උතුරු පැත්ත මනස්සේට ද අයිති ය; ඔහුගේ තවත් සීමාවක් මධ්‍යධරණි මුහුද ය; ඒවාට උතුරෙන් ආෂෙර්ගේ දේශයත්, නැගෙනහිරෙන් ඉස්සාකර්ගේ දේශයත් යාව තිබේ.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

දකුණු පැත්ත එප්‍රායිම්ට ද උතුරු පැත්ත මනස්සේට ද අයිති ය; ඔහුගේ තවත් සීමාවක් මධ්‍යධරණි මුහුද ය; ඒවාට උතුරෙන් ආෂෙර්ගේ දේශයත්, නැගෙනහිරෙන් ඉස්සාකර්ගේ දේශයත් යාව තිබේ.

පරිච්ඡේදය බලන්න



යොෂුවා 17:10
2 හුවමාරු යොමු  

තවද ඉස්සාඛර්හි සහ ආෂෙර්හි බෙත්-ෂෙයාන් සහ ඊට අයිති නුවරවල්ද ඉබ්ලෙයාම් සහ ඊට අයිති නුවරවල්ද දෝර් වැසියන් සහ ඊට අයිති නුවරවල්ද ඒන්-දෝර් වැසියන් සහ ඊට අයිති නුවරවල්ද තයනාක් වැසියන් සහ ඊට අයිති නුවරවල්ද මෙගිද්දෝ වැසියන් සහ ඊට අයිති නුවරවල්ද යන උස් ප්‍රදේශ තුන මනස්සේට ලැබුණේය.


එතනින් සීමාව කානා ඔයට දකුණෙන් ඔය ළඟට බැස්සේය. මේ නුවරවල් මනස්සේගේ නුවරවල් අතරේ එප්‍රායිම්ට හිමිවිය. මනස්සේගේ සීමාව ඔයට උතුරෙන් වැටී මුහුද ළඟ කෙළවර වුණේය.