ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යොෂුවා 13:32 - Sinhala Revised Old Version

මෝසෙස් විසින් නැගෙනහිරට යොර්දානෙන් එගොඩ මෝවබ් සමභූමිවල යෙරිකෝව ළඟදී බෙදාදුන් උරුම කොටස් මේවාය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

මෝසෙස් විසින් ජොර්දානෙන් එගොඩ, ජෙරිකෝවට නැගෙනහිරෙන් තිබූ මෝවබ් තැනිතලාවල දී උරුම වශයෙන් බෙදා දෙන ලද කොටස් ඉහත කී ඒවා ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

මෝසෙස් විසින් ජොර්දානෙන් එගොඩ, ජෙරිකෝවට නැගෙනහිරෙන් තිබූ මෝවබ් තැනිතලාවල දී උරුම වශයෙන් බෙදා දෙන ලද කොටස් ඉහත කී ඒවා ය.

පරිච්ඡේදය බලන්න



යොෂුවා 13:32
3 හුවමාරු යොමු  

ගිලියද් දේශයෙන් අර්ධයක්ද බාෂාන්හි තිබුණ ඕග් රජුගේ රාජ්‍යයේ නුවරවල් වන අෂ්ටාරොත්ද එද්‍රෙයිද මනස්සේගේ පුත්‍රවූ මාකීර්ගේ පුත්‍රයන්ට එනම් මාකීර්ගේ පුත්‍රයන්ගෙන් දෙකෙන් කොටසකට තමුන්ගේ පවුල්වල හැටියට ලැබුණේය.


නුමුත් ලෙවී ගෝත්‍රයට මෝසෙස් කිසි උරුමයක් නුදුන්නේය. ඔවුන්ට කී හැටියට ඔවුන්ගේ උරුමය නම් ඉශ්‍රායෙල්වරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේමය.


මක්නිසාද ගෝත්‍ර දෙකටත් අර්ධ ගෝත්‍රයටත් මෝසෙස් යොර්දානෙන් එගොඩ ඔවුන්ගේ උරුම දුන්නේය. නුමුත් ලෙවීවරුන්ට ඔහු ඔවුන් අතරේ උරුමයක් නුදුන්නේය.