යොෂුවා 11:5 - Sinhala Revised Old Version මේ සියලු රජවරු රැස්වී ඇවිත්, ඉශ්‍රායෙල්වරුන්ට විරුද්ධව යුද්ධ කරන්ට මෙරොම්හි ජල ළඟ එක්ව කඳවුරු බැඳගත්තෝය. Sinhala New Revised Version මෙකී සියලු රජවරුන් තම බලඇණි එක්රැස් කොට, ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව යුද්ධ කරන පිණිස මෙරොම්හි ජලය ඇති ස්ථානය ළඟ එක් ව කඳවුරු බැඳගත්තෝ ය. Sinhala New Revised Version 2018 මෙකී සියලු රජවරුන් තම බලඇණි එක්රැස් කොට, ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව යුද්ධ කරන පිණිස මෙරොම්හි ජලය ඇති ස්ථානය ළඟ එක් ව කඳවුරු බැඳගත්තෝ ය. |
ජනයෙනි, ඝෝෂාකරන්න, නුඹලා කැබලිකරනු ලබන්නහුය; දුර රටවල වසන සියල්ලෙනි, කන්දෙන්න. ආයුධ බැඳගන්න, නුඹලා කැබලිකරනු ලබන්නහුය; ආයුධ බැඳගන්න, නුඹලා කැබලිකරනු ලබන්නහුය;
ඔව්හු මුහුදු වෙරළේ වැලි මෙන් ගණනින් බොහෝවූ සෙනඟක් වන තමුන්ගේ සියලු සේනාවල්ද අශ්වයන් හා රථ ඉතා මහත් ගණනක්ද ඇතුව පිටත්ව ආවෝය.
ස්වාමීන්වහන්සේ යෝෂුවාට කථාකොට: ඔවුන් ගැන භයනොවන්න. මක්නිසාද ඔවුන් මැරුම්කන පිණිස හෙට මේ වේලාවට ඔවුන් සියල්ලන් ඉශ්‍රායෙල්වරුන් අතට පාවා දෙන්නෙමි. ඔවුන්ගේ අශ්වයන්ගේ කුදි කපා ඔවුන්ගේ රථ ගින්නෙන් පුලුස්සාදමන්නැයි කීසේක.
මක්නිසාද ඔව්හු සර්වපරාක්‍රමවූ දෙවියන්වහන්සේගේ මහත් දවසේ යුද්ධයට මුළු ලෝකයේ රජුන් රැස්කරන පිණිස, ඔවුන් ළඟට යන්නාවූ, හාස්කම් කරන්නාවූ යක්ෂයින්ගේ ආත්මයෝය. (බලව, මම සොරෙකුමෙන් එමි.