ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යොෂුවා 10:22 - Sinhala Revised Old Version

එවිට යෝෂුවා කථාකොට: ගුහාවේ කට ඇර ඒ රජුන් පස්දෙනා ගුහාවෙන් මා ළඟට ගෙනෙන්නැයි කීය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

එවිට ජෝෂුවා කතා කොට, “ගුහාවේ කට ඇර ඒ රජුන් පස්දෙනා ගුහාවෙන් මා ළඟට ගෙනෙන්නැ”යි කී ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

එවිට ජෝෂුවා කතා කොට, “ගුහාවේ කට ඇර ඒ රජුන් පස්දෙනා ගුහාවෙන් මා ළඟට ගෙනෙන්නැ”යි කී ය.

පරිච්ඡේදය බලන්න



යොෂුවා 10:22
5 හුවමාරු යොමු  

යෝෂුවාද: නුඹලා ගුහාවේ කටට ලොකු ගල් පෙරළා තබා, ඔවුන් මුරකරන්ට මිනිසුන් සිටුවන්න.


මුළු සෙනඟ මක්කේදාහි කඳවුරට යෝෂුවා වෙතට සුවසේ හැරී ආවෝය. ඉශ්‍රායෙල් පුත්‍රයන්ගෙන් කිසිවෙකුට විරුද්ධව කවරෙක්වත් තමාගේ දිව නොසෙල්විය.


ඔව්හු එසේ කොට ඒ රජවරුන් පස්දෙනා එනම් යෙරුසලමේ රජද හෙබ්‍රොන්හි රජද යර්මුත්හි රජද ලාකීෂ්හි රජද එග්ලොන්හි රජද ගුහාවෙන් ඔහු ළඟට ගෙනාවෝය.


හායි රජ පණපිටින් අල්වා යෝෂුවා ළඟට ගෙනාවෝය.


එවිට සාමුවෙල්: අමලෙක්වරුන්ගේ රජවූ ආගග් මා ළඟට ගෙනෙන්නැයි කීවේය. ආගග්ද: වෙවුල වෙවුලා ඔහු ළඟට ඇවිත්–සැබවින්ම මරණයේ තික්තකම පහව ගියේයයි කීය.