ඔහුගේ රථාධිපතියාවූ රෙමලියාගේ පුත්‍රවූ පෙකා ඔහුට විරුද්ධව කුමන්ත්‍රණයකොට ගිලියද්වරුන්ගේ පුත්‍රයන්ගෙන් මනුෂ්‍යයන් පනස්දෙනෙකුන් කැඳවාගෙන ඇවිත්, සමාරියෙහි රජගෙයි බලකොටුවේදී ඔහුටත් අර්ගොබ්ටත් අරියාටත් පහරදී මරා ඔහු වෙනුවට රජ වුණේය.
යෙසායා 7:1 - Sinhala Revised Old Version තවද උස්සියාගේ පුත්‍රවූ යෝතාම්ගේ පුත්‍රයා වන යූදාහි රජවූ ආහාස්ගේ දවස්වලදී සිරියේ රජවූ රෙශීන්ද රෙමලියාගේ පුත්‍රවූ, ඉශ්‍රායෙල්හි රජවූ පෙකාද යෙරුසලමට විරුද්ධව යුද්ධකරන්ට ආවෝය; නුමුත් ජයගන්ට නොහැකි වූවෝය. Sinhala New Revised Version උශ්ශියාගේ මුණුබුරා වූ ද ජෝතාම්ගේ පුත්‍රයා වූ ද ආහාස් ජුදාහි රජකම් කරන කාලයේ දී යුද්ධයක් හටගත්තේ ය. සිරියාවේ රජ වූ රෙශීන් ද රෙමලියාගේ පුත්‍ර වූ ඉශ්රායෙල්හි රජ වූ පෙකා ද ජෙරුසලමට විරුද්ධ ව යුද්ධ කළ නමුත් ජයගන්න නොහැකි විය. Sinhala New Revised Version 2018 උශ්ශියාගේ මුණුබුරා වූ ද ජෝතාම්ගේ පුත්‍රයා වූ ද ආහාස් ජුදාහි රජකම් කරන කාලයේ දී යුද්ධයක් හටගත්තේ ය. සිරියාවේ රජ වූ රෙශීන් ද රෙමලියාගේ පුත්‍ර වූ ඉශ්රායෙල්හි රජ වූ පෙකා ද ජෙරුසලමට විරුද්ධ ව යුද්ධ කළ නමුත් ජයගන්න නොහැකි විය. |
ඔහුගේ රථාධිපතියාවූ රෙමලියාගේ පුත්‍රවූ පෙකා ඔහුට විරුද්ධව කුමන්ත්‍රණයකොට ගිලියද්වරුන්ගේ පුත්‍රයන්ගෙන් මනුෂ්‍යයන් පනස්දෙනෙකුන් කැඳවාගෙන ඇවිත්, සමාරියෙහි රජගෙයි බලකොටුවේදී ඔහුටත් අර්ගොබ්ටත් අරියාටත් පහරදී මරා ඔහු වෙනුවට රජ වුණේය.
යූදාහි රජවූ අශරියාගේ පනස්දෙවෙනි අවුරුද්දේදී රෙමලියාගේ පුත්‍රවූ පෙකා සමාරියෙහි ඉශ්‍රායෙල්වරුන් කෙරෙහි රජවී විසි අවුරුද්දක් රජකම්කෙළේය.
ඒ දවස්වලදී ස්වාමීන්වහන්සේ සිරියේ රජවූ රෙශින්ද රෙමලියාගේ පුත්‍රවූ පෙකාද යූදාට විරුද්ධව යවන්ට පටන්ගත්සේක.
රෙමලියාගේ පුත්‍රවූ පෙකාගේ දහහත්වෙනි අවුරුද්දේදී යූදාහි රජවූ යෝතාම්ගේ පුත්‍රවූ ආහාස් රජවුණේය.
එකල සිරියේ රජවූ රෙශීන්ද රෙමලියාගේ පුත්‍රවූ ඉශ්‍රායෙල් රජවූ පෙකාද යුද්ධ කරන පිණිස යෙරුසලමට ඇවිත් ආහාස් වැටලූ නුමුත් ඔහු පරදවන්ට බැරි වූවෝය.
යූදාහි රජවරුන්වූ උස්සියාගේද යෝතාම්ගේද ආහාස්ගේද හෙසකියාගේද දවස්වලදී යූදා සහ යෙරුසලම ගැන ආමොස්ගේ පුත්‍රවූ යෙසායා දුටුදර්ශනයය.
මේ සෙනඟ හෙමින් බැස යන්නාවූ ෂිලොවාහි ජලය එපාකොට රෙශීන්ද රෙමලියාගේ පුත්‍රයාද කෙරෙහි ප්‍රීතිවන බැවින්,
එබැවින් ස්වාමීන්වහන්සේ රෙශීන්ගේ එදිරිකාරයන් ඔවුන්ට විරුද්ධව උසස්කර, ඔවුන්ගේම සතුරන්ද පොළඹවනසේක;
නුඹේ බොහෝ කර්මාන්ත නිසා සිරිය නුඹේ වෙළෙන්දෙක්ව සිටියාය. ඔව්හු රතුකැටවලින්ද රත්නිල් රෙදිවලින්ද විසිතුරු රෙදිවලින්ද සිහින් රෙදිවලින්ද පබළුවලින්ද ලෝහිතංකවලින්ද නුඹ සමඟ ගනුදෙනුකළෝය.
යූදාහි රජවරුවූ උස්සියාගේද යෝතාම්ගේද ආහාස්ගේද හෙසකියාගේද දවස්වල සහ යෝවාෂ්ගේ පුත්‍රවූ ඉශ්‍රායෙල් රජවූ යෙරොබොවම්ගේ දවස්වලත් බෙයේරීගේ පුත්‍රවූ හොෂෙයාට පැමිණි ස්වාමීන්වහන්සේගේ වචනයය.
යෝතාම්ද ආහාස්ද හෙසකියාද යන යූදාහි රජවරුන්ගේ දවස්වලදී මොරෂ්තිය මීකා වෙතට පැමින්නාවූ, සමාරිය සහ යෙරුසලම ගැන ඔහු දුටුවාවූ ස්වාමීන්වහන්සේගේ වචනයය.