මෙසේ එක්කෙනෙක් අශ්වයෙකු පිට නැගී ඔහුගේ පෙරමගට ගොස්: සමාදානයෙන්දැයි රජ අසන්නේයයි කීය. යේහුද: සමාදානයෙන් නුඹට ඇති කම මොකද? හැරී මා පස්සෙන් එන්නැයි කීවේය. මුරකාරයා කථාකොට: පණිවිඩකාරයා ඔවුන් ළඟට පැමුණුණ නුමුත් ආපසු නොඑන්නේයයි කීවේය.
යෙසායා 48:22 - Sinhala Revised Old Version දුෂ්ටයන්ට සමාදානය නැතැයි ස්වාමීන්වහන්සේ කියනසේක. Sinhala New Revised Version “අදමිටුවන්ට සාමය අහිමි වේ ය”යි සමිඳාණෝ වදාරන සේක. Sinhala New Revised Version 2018 “අදමිටුවන්ට සාමය අහිමි වේ ය”යි සමිඳාණෝ වදාරන සේක. |
මෙසේ එක්කෙනෙක් අශ්වයෙකු පිට නැගී ඔහුගේ පෙරමගට ගොස්: සමාදානයෙන්දැයි රජ අසන්නේයයි කීය. යේහුද: සමාදානයෙන් නුඹට ඇති කම මොකද? හැරී මා පස්සෙන් එන්නැයි කීවේය. මුරකාරයා කථාකොට: පණිවිඩකාරයා ඔවුන් ළඟට පැමුණුණ නුමුත් ආපසු නොඑන්නේයයි කීවේය.
එවිට ඔහු දෙවෙනි අසරුවෙකු යැවීය, ඔහුද ඔවුන් ළඟට ඇවිත්: සමාදානයෙන්දැයි රජ අසන්නේයයි කීය. යේහුද: සමාදානයෙන් නුඹට ඇති කම මොකද? හැරී මා පස්සෙන් එන්නැයි කීවේය.
ද්වීපයෙනි, මාගේ බස් අසන්න; දුර සිටින සෙනඟෙනි, ඇහුම්කන්දෙන්න. ස්වාමීන්වහන්සේ කුසේ පටන් මා කැඳවා, මාගේ මවු ගර්භයේ පටන් මාගේ නම සඳහන් කළසේක.
නුමුත් දුෂ්ටයෝ කැලඹී තිබෙන මුහුදට සමානය; මක්නිසාද ඊට නිශ්චලවන්ට නුපුළුවන, එහි ජලය මඩ හා කුණු මතුකරයි.
ඔවුන් පිටතට ගොස් මට විරුද්ධව වරදකළ අයින්ගේ මළකඳන් බලනවා ඇත. මක්නිසාද ඔවුන්ගේ පණුවා නහින්නේවත් ඔවුන්ගේ ගින්න නිවෙන්නේවත් නැත; ඔව්හුද මාංසමයවූ සියල්ලන්ට පිළිකුලක් වන්නෝය.
අහෝ නුඹේ සමාදානයට අයිති කාරණා මේ දවසේදීවත් නුඹම දැනගෙන සිටිනවා නම් යහපත! එහෙත් දැන් ඒවා නුඹේ ඇස්වලින් සැඟවී තිබේ.