ජාතීනි, අසන්ට ළංවෙන්න; ජනයෙනි, ඇහුම්කන්දෙන්න. පොළොව සහ ඒකේ පූර්ණකමත් ලෝකය සහ එහි හටගන්න සියල්ලත් අසත්වා.
යෙසායා 48:16 - Sinhala Revised Old Version මා ළඟට ඇවිත් මේක අසන්න; මා පටන්ගැන්මේ සිට රහසින් කථාකළා නොවේය; ඒක ඇතිවු කාලයේ සිට ම එහි සිටිමි. දැනුදු ස්වාමිවූ දෙවියන්වහන්සේ මාත් උන්වහන්සේගේ ආත්මයත් එවූසේක. Sinhala New Revised Version දැන් මා ළඟට පැමිණ මා කියන දේට සවන් දෙන්න. මම කිසිවක් නොසඟවා මුල සිට ම ප්‍රකාශ කෙළෙමි, මුල සිට ම මැවීම සමඟ මම සිටියෙමි.” ‘දෙවි සමිඳාණෝ සිය බලය මට දී මා එවූ සේකැ’යි සයිරස් කීවේ ය. Sinhala New Revised Version 2018 දැන් මා ළඟට පැමිණ මා කියන දේට සවන් දෙන්න. මම කිසිවක් නොසඟවා මුල සිට ම ප්‍රකාශ කෙළෙමි, මුල සිට ම මැවීම සමඟ මම සිටියෙමි.” ‘දෙවි සමිඳාණෝ සිය බලය මට දී මා එවූ සේකැ’යි සයිරස් කීවේ ය. |
ජාතීනි, අසන්ට ළංවෙන්න; ජනයෙනි, ඇහුම්කන්දෙන්න. පොළොව සහ ඒකේ පූර්ණකමත් ලෝකය සහ එහි හටගන්න සියල්ලත් අසත්වා.
ද්වීපයෙනි, මා ඉදිරියෙහි නිශ්ශබ්දව සිටින්න; ජනයෝ තමුන්ගේ සවිය අලුත්කරගන, ළංව, පසුව කථාකෙරෙත්වා. අපි එක්ව විනිශ්චය පිණිස ළඟාවෙමු.
එසේය, දවස ඇතිවූ තැන් පටන් මම උන්වහන්සේය; මාගේ අතින් මුදන්ට පොහොසත්වූ කිසිවෙක් නැත. මම ක්‍රියාකරන්නෙමි, වලක්වන්නේ කවුද?
මා කථාකළේ රහසින් නොවේය, පොළොවේ අඳුරු තැනකදී නොවේය. නිකමට මා සොයන්නැයි යාකොබ්ගේ වංශයට නොකීවෙමි. ස්වාමීන්වහන්සේ වන මම ධර්මිෂ්ඨ දේ කියමි, යුතු දේ ප්‍රකාශකරමි.
ස්වාමීන්වහන්සේගේ ආත්මය මා කෙරෙහිය; මක්නිසාද දිළිඳුන්ට ශුභාරංචිය දේශනාකරන්ට උන්වහන්සේ මා ආලේපකළසේක; වහලුන්ට මිදීම සහ අන්ධයන්ට පෙනීම ලැබෙන බව ප්‍රකාශකරන්ටද මඩනාලද්දවුන් නිදහස්කර හරින්ටද
යේසුස්වහන්සේ ඔහුට උත්තරදෙමින්: මම ප්‍රසිද්ධයෙන් ලෝකයාට කථාකෙළෙමි; සියලු යුදෙව්වරුන් රැස්වන්නාවූ සිනගෝගවලදීත් දේවමාළිගාවේදීත් නිතර ඉගැන්වීමි; රහසින් කිසිවක් කථානොකෙළෙමි.
මක්නිසාද දෙවියන්වහන්සේ විසින් එවනලද තැනන්වහන්සේ දෙවියන්වහන්සේගේ වචන කථාකරනසේක. කුමක්හෙයින්ද දෙවියන්වහන්සේ මිම්මක් සහිතව ආත්මයාණන් නොදෙනසේක.