යෙසායා 47:7 - Sinhala Revised Old Version මම සෑම කල්ම ස්වාමිදුවව සිටින්නෙමියි නුඹ කීවෙහිය. මෙසේ නුඹ මේ දේවල් සිතට ගත්තේවත්, එහි අන්තිමය සිහිකළේවත් නැත. Sinhala New Revised Version නුඹ සැම කල්හි ම රැජිනක ව සිටිනු ඇතැ යි සිතා, මේ දේවල් සිතට ගත්තේ වත්, ඒවායේ ප්‍රතිඵල සිහි කෙළේ වත් නැත. Sinhala New Revised Version 2018 නුඹ සැම කල්හි ම රැජිනක ව සිටිනු ඇතැ යි සිතා, මේ දේවල් සිතට ගත්තේ වත්, ඒවායේ ප්‍රතිඵල සිහි කෙළේ වත් නැත. |
ඒ නිසා උන්වහන්සේ තමන්ගේ බලවත් උදහස සහ සටනේ දරුණුකම ඔවුන් කෙරෙහි වැගිරෙවුසේක; එයින් ඔවුන් වටකර ඔවුන්ට ගිනිඇල්ලූ නුමුත්, ඔව්හු එය නොදත්තෝය; එයින් ඔවුන් දැවූ නුමුත්, ඒක සිතට නොගත්තෝය.
කල්දිවරුන්ගේ දියණිය, නිශ්ශබ්දව ඉඳ අන්ධකාරයට ඇතුල්වෙන්න. මක්නිසාද නුඹ: රාජ්‍යවල ස්වාමිදුවයයි තවත් කියනු නොලබන්නීය.
ධර්මිෂ්ඨයා පහවයන්නේය, නුමුත් කිසිවෙක් එය සිතට නොගන්නේය; භක්තිවන්ත මනුෂ්‍යයෝද පහකරනු ලබති, නුමුත් ධර්මිෂ්ඨයා විපත්තිය ඉදිරියෙන් ගෙනයනු ලබන බව කිසිවෙක් කල්පනාකරන්නේ නැත.
නුඹ මා සිහි නොකොට, ඒක සිතට නොගෙන, බොරුකීවේ කාට තැතිගෙන භයවෙලාද? මම බොහෝ කලක්ම නිශ්ශබ්දව නොසිටියෙම්ද? නුමුත් නුඹ මා කෙරෙහි භයක් නැත.
අනාගතවක්තෘවරු බොරුවට අනාගතවාක්‍ය කියති, පූජකයෝද ඔවුන්ගේ ආධාරයෙන් ආණ්ඩුකෙරෙති. මාගේ සෙනඟද එසේ වීමට ප්‍රියවෙති; නුමුත් එහි කෙළවරදී නුඹලා කරන්නේ කුමක්ද?
ඇගේ අපවිත්‍රකම ඇගේ වස්ත්‍ර පිට තිබුණේය; ඈ තමාගේ මතු කාලය සිහි නොකළාය; එබැවින් ඈ පුදුමලෙස පහළ බැස්සාය; ඈට සැනසිලිකාරයෙක් නැත. ස්වාමීන්වහන්ස, මාගේ දුක බැලුව මැනව; මක්නිසාද සතුරා උඩඟුකම්කෙළේය.
මනුෂ්‍ය පුත්‍රය, ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේකැයි තීර්හි අධිපතියාට කියන්න: නුඹ දෙවිකෙනෙක් නොව මනුෂ්‍යයෙක් නුමුත් නුඹේ සිත උඩඟුවී–මම දෙවිකෙනෙක්මි; මුහුද මැද මම දෙවිකෙනෙකුගේ ආසනයේ වැඩහිඳිමියි නුඹ කියමින්, නුඹේ සිත දෙවිකෙනෙකුගේ සිත මෙන් සැලකුවෙහිය.
නුඹ කථාකොට මෙසේ කියන්න: ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක–තමාගේ ගංගාවල් මැද ලගින්නාවූ, මාගේ ගංගාව මාගේමය කියාත් මම්ම ඒක සාදාගත්තෙමියි කියාත් කියන්නාවූ මහ කිඹුලා වන මිසරයේ ඵාරාවෝ රජුනි, මෙන්න, මම නුඹට විරුද්ධයෙමි.
මනුෂ්‍ය පුත්‍රය, ස්වාමිවූ දෙවියන්වහන්සේ ඉශ්‍රායෙල් දේශය ගැන මෙසේ කියනසේක–තීන්දුවක්, එනම් දේශයේ සතර කොනට තීන්දුවක් පැමිණ තිබේ.
ඈ යම් පමණක් තමාම වර්ණනාකරගනිමින් සැපජීවිකාවෙන් වැඩිවූවාද, එපමණටම ඈට ශෝකය හා වධ දෙන්න. මක්නිසාද: මම බිසවක්ව වැඩහිඳිමි, මම වැන්දඹුවක් නොවෙමි, ශෝකයද කිසිසේත් නොදකිමියි ඈ සිතින් කියාගන්නීය.