ඉතින් නුඹේ ප්‍රඥාවන්තයෝ කොතැනද? සේනාවල ස්වාමීන්වහන්සේ මිසරය ගැන නියම කළේ කුමක්ද කියා ඔව්හු නුඹට දන්වත්වා; නොහොත් තුමූම දැනගනිත්වා.
යෙසායා 44:7 - Sinhala Revised Old Version මා විසින් පුරාණ සෙනඟ පිහිටෙවු තැන් පටන් මා වාගේ ප්‍රකාශකර, යමක් දන්වා, පිළිවෙළට මට කියන්නේ කවරෙක්ද? ඔව්හු සිද්ධවෙන දේවල්ද පැමිණෙන්ට තිබෙන දේවල්ද දන්වත්වා. Sinhala New Revised Version මා හා සමාන කෙනෙක් ඇත්නම්, මා හමුවේ එය කියත් වා! පටන්ගැන්මේ සිට අග දක්වා සිදු වන දේ පැහැදිලි ලෙස කියන්න හැකි කිසිවෙක් සිටිත් ද? Sinhala New Revised Version 2018 මා හා සමාන කෙනෙක් ඇත්නම්, මා හමුවේ එය කියත් වා! පටන්ගැන්මේ සිට අග දක්වා සිදු වන දේ පැහැදිලි ලෙස කියන්න හැකි කිසිවෙක් සිටිත් ද? |
ඉතින් නුඹේ ප්‍රඥාවන්තයෝ කොතැනද? සේනාවල ස්වාමීන්වහන්සේ මිසරය ගැන නියම කළේ කුමක්ද කියා ඔව්හු නුඹට දන්වත්වා; නොහොත් තුමූම දැනගනිත්වා.
ඔව්හු ඒවා ඉදිරිපත්කොට, සිද්ධවෙන්ට තිබෙන දේවල් අපට දන්වත්වා. ඉස්සර දේවල් මොනවාදැයි අප විසින් කල්පනාකොට ඒවායේ කෙළවර දැනගන්නා පිණිස ඒවා අපට දන්වන්න; නොහොත් පැමිණෙන්ට තිබෙන දේවල් අපට ප්‍රකාශකරන්න.
මතු සිද්ධවෙන්ට තිබෙන දේවල් දන්වන්න, එවිට නුඹලා දෙවිවරුන් බව අපට දැනගන්ට ලැබෙනවා ඇත. එසේය, අප එක්ව තැතිගෙන බලන පිණිස හොඳක් හෝ නරකක් කරන්න.
අප විසින් දැනගන්න පිණිස පටන්ගැන්මේ සිටත්: ඔහු ධර්මිෂ්ඨයයි අප විසින් කියන පිණිස පුරාණයේදීත් දැන්නුවේ කවුද? එසේය, දන්වන කිසිවෙක් නැත. එසේය, ප්‍රකාශකරන කිසිවෙක් නැත, එසේය, නුඹලාගේ වචන අසන කිසිවෙකුත් නැත.
පටන්ගැන්මේ සිට පරම්පරාවලට කැඳවමින් කාරණා හසුරුවා ඉෂ්ටකළේ කවුද? පළමුවෙනියාවූ, අන්තිමයන් සමඟත් සිටින්නාවූ ස්වාමීන්වහන්සේ වන මමය, මම ඒ තැනන්වහන්සේය.
මමම දැන්වීමි, මමම ගැළවීමි, මමම ප්‍රකාශකෙළෙමි, අන් දෙවිකෙනෙක් නුඹලා අතරේ සිටියේ නැත. එබැවින් නුඹලා මාගේ සාක්ෂිකාරයෝය, මම දෙවියන්වහන්සේයයි ස්වාමීන්වහන්සේ කියනසේක.
සියලු ජාතීහු එකට රැස්වෙත්වා, ජනයෝද එකතුවෙත්වා. ඔවුන්ගෙන් කවුරු මෙය දන්වා පළමු දේවල් අපට ප්‍රකාශකරනවා ඇද්ද? ඔව්හු තමුන්ගේ සාක්ෂිකාරයන් ගෙනැවිත් තමුන් ධර්මිෂ්ඨ බව පෙන්වත්වා. නැත්නම් ඔව්හු අසා: ඒක සැබෑයයි කියත්වා.
ඒක දන්වා, ඉදිරියට ගෙනෙන්න; එසේය, ඔව්හු එක්ව මන්ත්‍රණයකෙරෙත්වා. මේක පුරාණයේ සිට ප්‍රකාශකළෙත් පූර්වයේ පටන් දැන්නුවෙත් කවුද? ස්වාමීන්වහන්සේ වන මම නොවෙම්ද? මා ඇර වෙන දෙවිකෙනෙක් නැත; මම ධර්මිෂ්ඨවූ දෙවිකෙනෙක්ය, ගැළවුම්කාරයෙක්ය; වෙන කෙනෙක් නැත.
උන්වහන්සේ පිළියෙළකළ කාලවල්ද සියලු මනුෂ්‍ය ජාතීන්ගේ වාසස්ථානවල සීමාද නියමකොට, මුළු පොළෝතලයෙහි වාසය කරන පිණිස එක්කෙනෙකුගෙන් ඔවුන් මැවූසේක.
මහෝත්තමයාණන් ජාතීන්ට උරුමය බෙදාදුන් කල්හිද, මනුෂ්‍ය පුත්‍රයන් වෙන්කළ කල්හිද උන්වහන්සේ ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ ගණන හැටියට ජනයන්ගේ සීමාවන් නියමකළසේක.