ඔව්හු ඒවා ඉදිරිපත්කොට, සිද්ධවෙන්ට තිබෙන දේවල් අපට දන්වත්වා. ඉස්සර දේවල් මොනවාදැයි අප විසින් කල්පනාකොට ඒවායේ කෙළවර දැනගන්නා පිණිස ඒවා අපට දන්වන්න; නොහොත් පැමිණෙන්ට තිබෙන දේවල් අපට ප්‍රකාශකරන්න.
යෙසායා 41:26 - Sinhala Revised Old Version අප විසින් දැනගන්න පිණිස පටන්ගැන්මේ සිටත්: ඔහු ධර්මිෂ්ඨයයි අප විසින් කියන පිණිස පුරාණයේදීත් දැන්නුවේ කවුද? එසේය, දන්වන කිසිවෙක් නැත. එසේය, ප්‍රකාශකරන කිසිවෙක් නැත, එසේය, නුඹලාගේ වචන අසන කිසිවෙකුත් නැත. Sinhala New Revised Version අප දැනගන්නා පිණිසත්, ‘නුඹ හරි ය’යි කියන්න පුළුවන් වන පිණිසත්, නුඹලා අතරෙන්, ‘මෙසේ සිදු වේ ය’ කියා කල් මත්තෙන් කීවේ කවරෙක් ද? නුඹලාගෙන් කිසිවෙක් ඒ ගැන වචනයක් වත් නොකීවේ ය. නුඹලා කී දෙයක් ඇසූ කෙනෙක් වත් නැත. Sinhala New Revised Version 2018 අප දැනගන්නා පිණිසත්, ‘නුඹ හරි ය’යි කියන්න පුළුවන් වන පිණිසත්, නුඹලා අතරෙන්, ‘මෙසේ සිදු වේ ය’ කියා කල් මත්තෙන් කීවේ කවරෙක් ද? නුඹලාගෙන් කිසිවෙක් ඒ ගැන වචනයක් වත් නොකීවේ ය. නුඹලා කී දෙයක් ඇසූ කෙනෙක් වත් නැත. |
ඔව්හු ඒවා ඉදිරිපත්කොට, සිද්ධවෙන්ට තිබෙන දේවල් අපට දන්වත්වා. ඉස්සර දේවල් මොනවාදැයි අප විසින් කල්පනාකොට ඒවායේ කෙළවර දැනගන්නා පිණිස ඒවා අපට දන්වන්න; නොහොත් පැමිණෙන්ට තිබෙන දේවල් අපට ප්‍රකාශකරන්න.
පටන්ගැන්මේ සිට පරම්පරාවලට කැඳවමින් කාරණා හසුරුවා ඉෂ්ටකළේ කවුද? පළමුවෙනියාවූ, අන්තිමයන් සමඟත් සිටින්නාවූ ස්වාමීන්වහන්සේ වන මමය, මම ඒ තැනන්වහන්සේය.
සියලු ජාතීහු එකට රැස්වෙත්වා, ජනයෝද එකතුවෙත්වා. ඔවුන්ගෙන් කවුරු මෙය දන්වා පළමු දේවල් අපට ප්‍රකාශකරනවා ඇද්ද? ඔව්හු තමුන්ගේ සාක්ෂිකාරයන් ගෙනැවිත් තමුන් ධර්මිෂ්ඨ බව පෙන්වත්වා. නැත්නම් ඔව්හු අසා: ඒක සැබෑයයි කියත්වා.
මා විසින් පුරාණ සෙනඟ පිහිටෙවු තැන් පටන් මා වාගේ ප්‍රකාශකර, යමක් දන්වා, පිළිවෙළට මට කියන්නේ කවරෙක්ද? ඔව්හු සිද්ධවෙන දේවල්ද පැමිණෙන්ට තිබෙන දේවල්ද දන්වත්වා.
ඒක දන්වා, ඉදිරියට ගෙනෙන්න; එසේය, ඔව්හු එක්ව මන්ත්‍රණයකෙරෙත්වා. මේක පුරාණයේ සිට ප්‍රකාශකළෙත් පූර්වයේ පටන් දැන්නුවෙත් කවුද? ස්වාමීන්වහන්සේ වන මම නොවෙම්ද? මා ඇර වෙන දෙවිකෙනෙක් නැත; මම ධර්මිෂ්ඨවූ දෙවිකෙනෙක්ය, ගැළවුම්කාරයෙක්ය; වෙන කෙනෙක් නැත.
පුරාණයේ පළමු කාරණා සිහිකරන්න. මක්නිසාද මමම දෙවියන්වහන්සේය, වෙන කෙනෙක් නැත; මම දෙවියන්වහන්සේය, මා සමාන කෙනෙක් නැත.