ඔවුන් හිරකාරයන් යටතෙහි පහත්වී මැරුම්කෑවුන් අතරේ වැටෙනවා ඇත. මේ සියල්ල වූ නුමුත් උන්වහන්සේගේ උදහස පහ නොවී උන්වහන්සේගේ හස්තය තවම දිගුකර තිබේ.
යෙසායා 24:22 - Sinhala Revised Old Version හිරකාරයන් වළක රැස්කර තබන්නාක්මෙන් ඔව්හු එකට හිරගෙයි වසාතබනු ලබන්නෝය, බොහෝ දවසකට පසු දඬුවම් ලබන්නෝය. Sinhala New Revised Version හිරකාරයන් වළක හිරකොට තබන්නාක් මෙන් දෙවිඳාණෝ රජවරුන් සිරගත ව තබන සේක. දීර්ඝ කාලයකට පසු ඔවුන්ට දඬුවම් කරන්න එන සේක. Sinhala New Revised Version 2018 හිරකාරයන් වළක හිරකොට තබන්නාක් මෙන් දෙවිඳාණෝ රජවරුන් සිරගත ව තබන සේක. දීර්ඝ කාලයකට පසු ඔවුන්ට දඬුවම් කරන්න එන සේක. |
ඔවුන් හිරකාරයන් යටතෙහි පහත්වී මැරුම්කෑවුන් අතරේ වැටෙනවා ඇත. මේ සියල්ල වූ නුමුත් උන්වහන්සේගේ උදහස පහ නොවී උන්වහන්සේගේ හස්තය තවම දිගුකර තිබේ.
පොළොව ත්‍රස්තකරවන්ට ස්වාමීන්වහන්සේ නැගිටින කල, උන්වහන්සේගේ භයානකකමද උන්වහන්සේගේ මහන්තත්වයේ තේජසද ඉදිරියෙන් පර්වතවල ගුහාවලටත් පොළොවේ කූපවලටත් ඔව්හු ඇතුල්වන්නෝය.
එහෙත් මොව්හු කොල්ලකෑමද පැහැරගැන්මද වින්දාවූ සෙනඟක්ය; මොවුන් සියල්ලෝම වළවල්හි අසුවී, ඇඳිරි ගෙවල්වල සඟවනු ලැබ සිටිති. කිසිවෙකු විසින් ගළවනු නොලැබ, ඔව්හු කොල්ලයක්ව සිටිති; නිදහස්කරන්නැයි කිසිවෙකු කියන්නේ නැතුව නාස්තියක්වී සිටිති.
බොහෝ දවස් ගිය පසු නුඹ ප්‍රධානකමට පත්වී, කඩුවෙන් මිදී තිබෙන දේශයකට මතු අවුරුදුවලදී එනවා ඇත. එහි වැසියෝ බොහෝ ජනයන් අතරෙන් ඉශ්‍රායෙල් කඳුවලට රැස්කරනු ලැබුවෝය. ඒවා නිතරම පාළුවක්ව තිබෙන නුමුත්, ඔවුන් ජනයන් අතරෙන් ගෙන්වනු ලැබ, සියල්ලෝම නිසැකව (එහි) වාසය කරති.
බලාපොරොත්තු ඇති හිරකාරයෙනි, බලකොටුවට හැරී එන්න. මම නුඹට දෙගුණයක් දෙන්නෙමියි අදම ප්‍රකාශකරමි.