එවිට ස්වාමීන්වහන්සේ සොදොම පිට සහ ගොමොරා පිට ස්වාමීන්වහන්සේ වෙතින් අහසෙන් ගෙන්දගම් සහ ගිනිද වස්වා
යෙසායා 24:18 - Sinhala Revised Old Version තවද භය ඝෝෂාව නිසා පලායන්නා වළේ වැටෙන්නේය; වළෙන් ගොඩවෙන්නා මලපතට අසුවන්නේය. මක්නිසාද ඉහළ කවුළු ඇරී තිබේ, පොළොවේ අත්තිවාරම්ද සෙලවෙන්නේය. Sinhala New Revised Version භයානක දෙයින් බේරෙන්න සොයන තැනැත්තා බොරු වළක වැටෙන්නේ ය. බොරු වළෙන් ගොඩවන්නා මලපතට අසුවන්නේ ය. මන්ද අහසේ කවුළු විවෘත ව ඇත. පොළොවේ අත්තිවාරම කම්පා වන්නේ ය. Sinhala New Revised Version 2018 භයානක දෙයින් බේරෙන්න සොයන තැනැත්තා බොරු වළක වැටෙන්නේ ය. බොරු වළෙන් ගොඩවන්නා මලපතට අසුවන්නේ ය. මන්ද අහසේ කවුළු විවෘත ව ඇත. පොළොවේ අත්තිවාරම කම්පා වන්නේ ය. |
එවිට ස්වාමීන්වහන්සේ සොදොම පිට සහ ගොමොරා පිට ස්වාමීන්වහන්සේ වෙතින් අහසෙන් ගෙන්දගම් සහ ගිනිද වස්වා
නෝවාගේ ජීවිතයේ හයසියවෙනි අවුරුද්දේ දෙවෙනි මස දස සත්වෙනි දිනයෙහිම මහත් ගැඹුරේ සියලු උල්පත් බිඳී ගියේය, ආකාශයේ කවුළුද ඇරුණේය.
එවිට රජු අත පිට හේත්තුවී සිටි අධිපති තෙමේ දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාට උත්තරදෙමින්: ස්වාමීන්වහන්සේ අහසේ කවුළු සෑදුවත් මේක සිද්ධවිය හැකිදැයි කීවේය. ඒක නුඹේ ඇස්වලින් දක්නෙහිය, නුමුත් එයින් නොකන්නෙහියයි ඔහු කීවේය.
එවිට ස්වාමිනි, ඔබගේ තරවටුකිරීමෙන්ද ඔබගේ නාසා වාත වේගයෙන්ද ජල පාරවල් ප්‍රකාශවුණේය, ලෝකයේ අත්තිවාරම්ද ප්‍රකාශවිය.
එවිට පොළොව සෙලවී කම්පාවූවාය, කඳුවල අත්තිවාරම්ද දෙදරා සෙලවුණේය, මක්නිසාද උන්වහන්සේ උදහස්වූසේක.
උන්වහන්සේගේ නාස්පුටවලින් දුමක් නැංගේය, උන්වහන්සේගේ මුඛයෙන් ගිනි නික්ම විනාශකෙළේය. එයින් අඟුරු ඇවිළගත්තේය.
මක්නිසාද නපුරු දැලකට අසුවෙන මත්ස්‍යයන්ද මලපතකට අසුවෙන පක්ෂීන්ද මෙන් මනුෂ්‍යයාත් තමාගේ කාලය නොදැන සිටියි, විපත්ති කාලය මනුෂ්‍ය පුත්‍රයන් පිටට හදිසියෙන් පැමිණෙන විට උන් වාගේ ඔව්හු ඊට අසුවෙති.
එබැවින් සේනාවල ස්වාමීන්වහන්සේගේ කෝපයේදීද උන්වහන්සේගේ තද උදහස් දවසේදීද මම අහස චංචලකරන්නෙමි, පොළොවද එහි ස්ථානයෙන් සෙලවී පහවයන්නේය.
පොළොව ත්‍රස්තකරවන්ට ස්වාමීන්වහන්සේ නැගිටින කල, උන්වහන්සේගේ භයානකකමද උන්වහන්සේගේ මහන්තත්වයේ තේජසද ඉදිරියෙන් පර්වතවල ගුහාවලටත් පොළොවේ කූපවලටත් ඔව්හු ඇතුල්වන්නෝය.
මනුෂ්‍යයෝ නමස්කාරකිරීමට සාදවාගත් තමුන්ගේ රිදී පිළිමද රන් පිළිමද මීයන්ටත් වවුලන්ටත් අත්හැර දමා යන්නෝය.
එහෙත් මොව්හු කොල්ලකෑමද පැහැරගැන්මද වින්දාවූ සෙනඟක්ය; මොවුන් සියල්ලෝම වළවල්හි අසුවී, ඇඳිරි ගෙවල්වල සඟවනු ලැබ සිටිති. කිසිවෙකු විසින් ගළවනු නොලැබ, ඔව්හු කොල්ලයක්ව සිටිති; නිදහස්කරන්නැයි කිසිවෙකු කියන්නේ නැතුව නාස්තියක්වී සිටිති.
උන්වහන්සේ ශුද්ධස්ථානයක් පිණිස වනසේක, එහෙත් ඉශ්‍රායෙල් වංශ දෙකට බාධාවීමේ ගලක්ව, පැකිලීමේ පර්වතයක්ව, යෙරුසලමේ වැසියන්ට උගුලක්ව, මලපතක්ව සිටිනසේක.
භීතිය ඉදිරියෙන් පලායන්නා වළේ වැටේ; වළෙන් ගොඩට එන්නා මලපතේ අසුවේ. මක්නිසාද ඈට, එනම් මෝවබ්ට, දඬුවම්කරන අවුරුද්ද පමුණුවන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.
නුඹලා කඩුවට භයව සිටිහුය; මමද නුඹලා පිටට කඩුව පමුණුවන්නෙමියි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.
මාගේ දැලද ඔහු පිට හෙළන්නෙමි, ඔහු මාගේ මලපතට අසුවන්නේය. මම කල්දිවරුන්ගේ දේශයවූ බබිලෝනියට ඔහු ගෙනෙන්නෙමි; ඔහු එහිදීම නසින නුමුත් ඒක දකින්නේ නැත.
මාගේ මුහුණද ඔවුන්ට විරුද්ධව තබන්නෙමි; ඔවුන් ගින්නෙන් නික්ම ගිය නුමුත් ගින්න ඔවුන් නාස්තිකරනවා ඇත; මා විසින් ඔවුන්ට විරුද්ධව මාගේ මුහුණ තබන විට මා ස්වාමීන්වහන්සේ බව නුඹලා දැනගන්නහුය.
ස්වාමීන්වහන්සේගේ දවසට ආශාවන්නෙනි, නුඹලාට දුක්වේ! ස්වාමීන්වහන්සේගේ දවස නුඹලාට ඕනෑකරන්නේ මක්නිසාද? එය ආලෝකය නොව අන්ධකාරයය.
එය සිංහයෙකු ඉදිරියෙන් මනුෂ්‍යයෙක් පලායද්දී වලසෙකුට අසුවෙන්නාක්මෙන්ය; නොහොත් ගෙට ඇතුල්වී තමාගේ අත භිත්තියේ තබන විට සර්පයෙක් ඔහුට දෂ්ටකරන්නාක්මෙන්ය.